|
||||||||||||||
|
වවුනියාවේ අවතැන් කඳවුරුවල පාසල් වියේ ළමුන් 12,000ක් අධ්‍යාපනයට නිසි පහසුකම් නැහැ (W3Lanka, අප්‍රේල් 02) මේ වන විට පාසල් යන වයසේ පසුවන ළමුන් දොළොස්දහසකට අධික සංඛ්‍යාවක් වව්නියාවේ සුභසාධන කදවුරුවල රැදී සිටින බව වව්නියාව කලාප අධ්‍යාපන කාර්යාලය පවසනවා. ඔවුන්ට අධ්‍යාපනය ලබාදීම සදහා තාවකාලික පාසල් හතක් සුභසාධන කදවුරු වල පවත්වාගෙන යන බවද, එහෙත් අධ්‍යාපනය ලබාදීමට නිසි පහසුකම් අවතැන් කදවුරුවල නොමැති බවද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා රංජනී ඔස්වල්ඩ් කීවා. ‘‘කදිරගාමර් සහන ගම්මානයේ අතරමැදි සුභාසාධන කදවුරු එකොළහක පාසල් හතක් මේ වන විට පවත්වාගෙන යනවා. කදිරගාමර් සහන ගම්මානයේ පාසල් ළමුන් 1950ක් සහ ගුරුවරුන් 168ක් ඉන්නවා. අරුනාචලම් සහන ගම්මානයේ 3000කට වඩා වැඩි සිසුන් පිරිසක් හා ගුරුවරුන් 160ක් ඉන්නවා. අනෙකුත් අතරමැදි කදවුරුවල සිසුන් 7138ක් හා ගුරුවරුන් 376ක් ඉන්නවා.’’ වව්නියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා කියනවා. ‘‘මේ කදවුරුවල ඉන්න ළමයින්ට අධ්‍යාපනය ලබාදීමට අපි කටයුතු කර ඇති නමුත් මොවුන්ට හොද අධ්‍යාපනයක් ලබාදීමට හැකිවී ඇතැයි අපිට කියන්න බැහැ. හොද අධ්‍යාපනයක් ලබාදීමටනම් හොද පහසුකම් ලබාදීමට කටයුතු කළ යුතුයි. නමුත් මෙම කදවුරු වල ළමුන්ට අධ්‍යාපනය ලබාදීමට තරම් පහසුකම් අතැයි අපිට කියන්න බැහැ,’’ යි ඇය සදහන් කළාය. යුදගැටුම් සහිත ප්‍රදේශවල ළමයින් 60,000කට අධ්‍යාපනය අහිමි වී ඇති බව යුනිසෙෆ් සංවිධානය මාර්තු 04දා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා. (මූලාශ්‍රය: පෙරඹර) පුවත් පිටුවටනිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||