W3lanka.com

NEWS IN
ENGLISH

දකුණු අධිවේගී මාර්ගය අවසන් කරන්න මුදල් නැහැ
දැන් ඉතින් ලංකාවෙ මිනිස්සුන්ට මේ පාර කන්න තමයි වෙන්නෙ

(W3Lanka, අප්‍රේල් 02)
දකුණු අධිවේගී මාර්ගයේ අවසාන කිලෝමීටර 30 ඉදි කිරීම සඳහා අරමුදල් නොමැතිකමින් 2010දී ඉදි කර අවසන් කරන බව කියූ මාර්ගය විවෘත කිරීම දැඩි ලෙස අවිනිශ්චිත බව වාර්තා වෙනවා.

මෙම අධිවේගී මාර්ගය සෑදීම සඳහා වැඩියෙන් ආධාර කළ ආසියානු සංවර්ධන බැංකුව අරමුදල් සපයා ගැනීම සඳහා ඇප වීමට ඉදිරිපත් වී තිබෙනවා. එහෙත්, ලෝක ආර්ථිකයේ පවතින තත්වය අනුව අරමුදල් සපයාගැනීම පහසු නැති බව බැංකුවේ දේශීය අධ්‍යක්ෂ රිචඩ් වෝකර් කියනවා.

මෙම මාර්ගය ඇතුළු අධිවේගී මාර්ග පද්ධතියක් රටේ ඉදිකිරීමට සැලසුම් කෙරුණේ එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එන ලද නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිසංස්කරණ සමගයි. ග්‍රාමීය ප්‍රදේශවල විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීම මෙම වැඩපිළිවෙලෙහි ප්‍රධාන අරමුණ වුණා. එහෙත් වත්මන් රජය එම ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරනවා. එපමණක් නොවෙයි, වර්තමාන ආර්ථික අවපාතය මැද ලංකාවට විදේශ ආයෝජන ගලා ඒමත් අවම වෙලා.

මෙම මාර්ගය ඉදිකිරීම නිසා දහස් සංඛ්‍යාත පවුල් ගණනකට තම පාරම්පරික වාසභූමි අහිමි වුණා. එයින් සිදු වී තිබෙන පරිසර විපර්යාසය හා හානියත් අතිමහත්.

කිලෝමීටර් 126ක් දිග මෙම අධිවේගී මාර්ගය සඳහා වියදම රුපියල් කෝටි 3000කට අධිකයි.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA