W3lanka.com

NEWS IN
ENGLISH

ජානිපෙ දේශපාලන කුණාටුවක
නායකයෝ පක්ෂය හැර යති

(W3Lanka, අප්‍රේල් 03)
ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව ගිය මන්ත්‍රීන් 11ක් ඇතුළු පිරිසක් විසින් ‍ගොඩනඟන ලද ජාතික නිදහස් පෙරමුණ නම් දේශපාලන පක්ෂය අතිශය තීරණාත්මක දේශපාලන කුණාටුවකට හසු වී සිටින බව වාර්තා වේ.

මෙම පක්ෂයේ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව වැනි සංවිධාන ව්‍යූහයන් දැන් රැස් වන්නේ නැති බවද, ඒවායේ සාමාජිකයන් බුරුතු පිටින් පක්ෂය හැර යමින් සිටින බවද වාර්තා වේ.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වී ඇති ප්‍රධාන පෙළේ නායකයන් අතර සභාපති නන්දන ගුණතිලක, ජාතික සංවිධායක කමල් දේශප්‍රිය මන්නවත්ත හා දේශපාලන මණ්ඩල සභික සේනාරත්න ද සිල්වා යන අයද සිටිති.

වයඹ පළාත් සභා මැතිවරණයෙන් එක් අසුනක්වත් නොමැතිව පරාජිත ජානිපෙ කණ්ඩායමට ආණ්ඩුව විසින් දෙන්නට ඉදිරිපත් බෝනස් ආසනය ලබාගෙන නැත්තේද පක්ෂ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් බව දැනගන්නට තිබේ. විමල් වීරවංශට අවශ්‍ය වී ඇත්තේ එය ජවිපෙන් ඉවත් වූ අලව්ව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ලබාදීමටයි. එම මන්ත්‍රී තනතුර ජානිපෙ ප්‍රධානියකු වන සේනාරත්නට ලබා දෙන ලෙස පක්ෂය තීරණය කිරීමෙන් පසු විමල් වීරවංශ දැනුම් දී ඇත්තේ එයට ආණ්ඩුව අකැමැති බවයි.

පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA