W3lanka.com

NEWS IN
ENGLISH

ලසන්තගේ සිම් කාඩ්පතේ දත්ත වාර්තාව ලබාගන්න පොලිසිය උනන්දුවක් දක්වා නැහැ
-මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව

(W3Lanka, අප්‍රේල් 04)
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය මොරටුව විශ්වවිද්‍යාලයෙන් ලසන්තගේ ජංගම දුරකථන සිම් කාඩ්පතට අදාළ දත්ත වාර්තාව ලබාගැනීමට උනන්දුවක් දක්වා නොමැති බව ජාත්‍යන්තර සංවිධානයක් වන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවේ (Committee to Protect Journalists) ආසියානු වැඩසටහන් සම්බන්ධීකාරක බොබ් ඩියෙට්ස් පවසනවා.

හැකිතරම් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලා පොලිසිය විසින් මොරටු විශ්වවිද්‍යාලයේ විද්‍යාගාරය වෙත භාර දුන් සිම් කාඩ් පතේ හා ජංගම දුරකථනයේ දත්ත වාර්තාව මාර්තු මුල වන විට සම්පූර්ණයෙන්ම වාගේ අවසන්ව තිබූ බව ඔහු කියනවා.

මෙම ජංගම දුරකථනය සොරකම් කරනු ලැබ තිබියදී සොයාගෙන තිබෙන අතර එය සොරකම් කළ පුද්ගලයා මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

ගල්කිස්ස පොලිසිය මෑතදී අධිකරණයට දන්වා සිටියේ පරීක්ෂණ අවසන් නැති බව සහ වික්‍රමතුංගගේ දුරකථනයෙන් ලබාගත් දුරකථන අංක පරීක්ෂා කරමින් සිටින බවයි.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA