W3lanka.com

NEWS IN
ENGLISH

විශේෂ කාර්ය බලකායේ වටලා පහර දීම කොටින්ගේ ගරිල්ලා යුද්ධයට දැඩි පහරක්
තවත් ගරිල්ලන් 60ක් ඉන්නවා

(W3Lanka, අප්‍රේල් 04)
අම්පාර දිස්ත්‍රික්කයේදී වටලා පහර දී කොටි ගරිල්ලන් 13ක් මරා දැමීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වීම එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නව ගරිල්ලා යුද්ධයට එල්ල වූ දැඩි පහරක් බව යුද විශේෂඥයන් පවසනවා.

යුද රහස් ඔත්තු සේවාවල තොරතුරු මත ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බලකාය අම්පාර මොනරාගල දිස්ත්‍රික් මායිමේ පිහිටි කොටියාගලදී වැටලීමකට හසු කරගෙන කොටි ගරිල්ලන් 13ක් මරා දැමුවා. දෙදෙනෙක් තුවාල ලැබ පළා ගියා.

මෙම කොටි සටන්කරුවන් පිරිස 75කින් සමන්විත කණ්ඩායමකට අයත් වූ බව කියනවා. මෙම කණ්ඩායම 'කර්නල්' රාම් හා නගුලන් යටගේ කංජිකුඩිආරු ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන බව ආක්ෂක අංශවලට වාර්තා වී තිබෙනවා.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA