W3lanka.com

NEWS IN
ENGLISH

ආපසු තිම්පු

(W3Lanka, අප්‍රේල් 07)
ඉන්දියාවේ ජනශක්ති දෙමළ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකදී ‍එල්.ටී.ටී.ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ නායක් එන්. නඩේසන් පවසන පරිදි ප්‍රභාකරන් තවමත් ඔව්න්ගේ නිදහස් අරගළය වෙනුවෙන් කැප වී සිටින අතර ආත්ම විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් අර්බුදය හසුරුවමින් සිටිනවා.

ඉදිරි මහ මැතිවරණයේදී තමිල්නාඩු ජනයා කොංග්‍රස් සන්ධානයට නිවැරදි තීන්දුවක් දෙනු ඇති බව පවසන හේ 1985දී ඉන්දියාවේ අනුග්‍රහයෙන් භූතානයේ තිම්පු නුවරදී පවත්වන ලද සාකච්ඡාවලදී ලංකා රජයේ යෝජනාවලට ප්‍රතිචාර ලෙස දෙමළ දේශපාලන පක්ෂ විසින් සාමූහිකව ඉදිරිපත් කරන ලද මූලධර්ම මත පදනම් වූ දේශපාලන විසඳුමක් භාරගැනීමට සූදානම් බව පැවසුවා.

තිම්පු මූලධර්ම ලෙස ප්‍රසිද්ධ මෙම මූලධර්මවලින් කියවුණේ

  • ලංකාවේ දෙමළ ජනයා ජාතියක් ලෙස පිළිගැනීම
  • ලංකාවේ දෙමළ ජනයාට නිජභූමියක් ඇති බව පිළිගැනීම
  • දෙමළ ජාතියේ ස්වයං-නිර්ණ අයිතිය පිළිගැනීම
  • සියලු දෙමළ ජනයාට පුරවැසි අයිතිය මූලික හිමිකම් පිළිගැනීම

තිම්පු සාකච්ඡාවලට EPRLF, EROS, LTTE, PLOTE, TELO සහ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගි වුණා. කොටි සංවිධානය හැර සෙසු පක්ෂ දැන් රජයට සහාය පළ කරනවා.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA