|
||||||||||||||
|
එක්සත් ජාතීන්ගේ නිලධාරියා සටන් නැවැත්වීමක් ඉල්ලයි සිර වී සිටින සිවිල් වැසියන් පිළිබඳ සංඛ්‍යාලේඛනය ලක්ෂයට අඩු කරයි (W3Lanka, අප්‍රේල් 08) ලංකාවේ සිව්දින සංචාරයක් නිමා කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී-මූන්ගේ අවතැන් වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත වෝල්ටර් කේලින් සටන් නැවැත්වීමක් ඉල්ලා සිටියා. තම පාලනයට යටත් ප්‍රදේශයේ ජීවත් වන සියලු සිවිල් වැසියන්ට එම කලාපයෙන් ඉවත් වී යාමට ඉඩ සලසන ලෙස ඔහු දැඩිව ඉල්ලා සිටියා. සිවිල් වැසියන්ට පිට වී යාම සඳහා හා ඉතිරි වී ඇති වැසියන්ට ජීවිත බේරාගැනීම සඳහා අදාළ අංශ මගින් සහන සැපයීම පිණිස සටන් නැවැත්වීමක් අවශ්‍ය බව ඔහු කියා සිටියා. "ඉතා සැලකිල්ලෙන්" යුද මුක්ත කලායේ යුද මුක්ත බවට ගරු කරන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියා. කලින් එක්සත් ජාතීන් යුද මුක්ත කලාපයේ සිර වී සිටින අවතැන් වූවන් ගණන 150,000ත් 190,000ත් අතර යයි කී මුත් කේලින් ඉදිරිපත් කළ සංඛ්‍යාව වුණේ 100,000ක්. රජය කියන්නේ එහි ඉතිරි වී සිටින සිවිල් වැසියන් සංඛ්‍යාව 30,000ක් 40,000ක් බවයි. අදහස් දක්වන්නපුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||