W3lanka.com

NEWS IN
ENGLISH

මුල්‍ය අරමුදලෙන් ණය ගන්න ආණ්ඩුව ටෙලිකොම් විකුණන්න යයි
හෙජිං ගනුදෙනුත් බේරන්න නියමිතයි

(W3Lanka, අප්‍රේල් 09)
ගෙවුම් ශේෂ අර්බුදය පියමං කිරීම පිණිස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් රු. කොටි 22ක ණයක් ලබාගැනීම සඳහා ලංකාවේ රජය රාජ්‍ය ව්‍යවසාය ගණනාවක් පෞද්ගලීකරණය කිරීමට සැරසෙන බවට ආරංචි පැතිර යයි. හෙජින් ගිවිසුම් ප්‍රකාරව පෞද්ගලික බැංකුවලට ගෙවිය යුතුව ඇති හිඟ මුදල් ගෙවීමද තවත් කොන්දේසියක් බව සැළයි. එසේම රුපියලේ අගය ස්ථාවර කිරීමට රජය මැදිහත් නොවිය යුතු බවද තව කොන්දේසියක්.

විකිණීමට නියමිත යයි කියවෙන ටෙලිකොම් සමාගමේ කොටස් මිළ මේ කටකතාවත් සමග සඳුදා වේගයෙන් ඉහළ ගියා. ටෙලිකොම් කොටස්වලින් 51%ක් රජය සතුයි. එය රජයේ ප්‍රධාන හවුල් ව්‍යවසාය අතරින් එකක්.

ටෙලිකොම් ප්‍රධානීන් මේ ආරංචිය තහවුරු වූ සත්‍යයක් නොවන බව කීවද, සති අන්තයේ පුවත්පතක් වාර්තා කළ පරිදි රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්ති රහස් විකුණා මුදල් උපයන‍ නිලධාරීන් මහබැංකුවේ ඉන්නවා.

රජය මෑතදී මෙම ණය මුදල පිළිබඳව ජා.මු.අ. නියෝජිත පිරිසක් සමග පැවැත්වූ සාකච්ඡා හමාර කළා. දැන් ඔවුන් වොෂිංටනයේ මේ පිළිබඳ අවසන් තීරණය ගැනීමේ කටයුතුවල යෙදී සිටිනවා. අප්‍රේල් අග ණය අනුමත වීමට පුළුවන්.

මේ අතර මහ බැංකුව සඳුදා අනතුරු ඇඟවූ පරිදි 2009 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය 2.5 - 3.5% අතර ප්‍රතිශතයක් ගත හැකියි.

අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට


© POWERED BY W3LANKA