W3lanka.com

NEWS IN
ENGLISH

ලංකාවේ ප්‍රශ්නය ගැන හෙට ලන්ඩනයේ මහා පෙළපාලියක්

(W3Lanka, අප්‍රේල් 10)
හෙට හෙවත් අප්‍රේල් 11 පස්වරු 1.30 සිට 4.30 දක්වා මධ්‍යම ලන්ඩනයේදී ලංකාවේ රජයට විරුද්ධව පෙළපාලියක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය දෙමළ සංසදය තීරණය කර තිබෙනවා.

මෙම පෙළපාලියට උද්ඝෝෂකයන් දසදහස් ගණනක් එක් වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා. පසුගිය ජනවාරි 31දා පැවැත්වුණු මේ හා සමාන උද්ඝෝෂණයකට අති විශාල ජනකායක් එක් වුණා.

ලංකාවේ හදිසි සහ ස්ථාවර සටන් විරාමයක් ඇති කළ යුතු බව උද්ඝෝෂණයේ ප්‍රධාන සටන් පාඨයයි. මෑත වාර්තාවක් අනුව, 2009 ජනවාරි 23 සිට මාර්තු 23දා දක්වා කාලය තුළදී 11,916 දෙනෙකු හෙවත් දිනකට 148 බැගින් මිය ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

අප්‍රේල් 02දා බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ලංකාවේ මානුෂීය සටන් විරාමයක් වහා ඇති කළ යුතු බව සහ මානුෂීය නියෝජිතායතනවලට අවතැන් වූවන් වෙතට බාදා රහිත ප්‍රවේශයක් ලබා දිය යුතු බවද පැවසුවා.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA