|
||||||||||||||
|
එක්සත් ජාතීන්ගේ ලොක්කා සහ ජනාධිපති අතර දුරකථන සාකච්ඡා එක්සත් ජාතීන් එක අදහසක නැති බව මානව හිමිකම් ඇමති කියයි (W3Lanka, අප්‍රේල් 10) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ලංකාවේ ජනාධිපතිවරයා සමග වන්නියේ පිරිහෙමින් ඇති මානුෂීය තත්වය හා එහි සිර වී සිටින සිවිල් වැසියන් පිළිබඳ නායකයන් දෙදෙනාගේ සැලකිලිමත්භාවය පිළිබඳ දුරකථනය ඔස්සේ සාකච්ඡා කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නිවේදනයක කියවෙනවා. සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා දෙපාර්ශ්වයේ බැඳීම් යළි සිහිපත් කරමින්, සිවිල් වැසියන්ට පිට වී යාමට ඉඩ දිය යුතු බව බෑන් අවධාරණය කළ බව එක්සත් ජාතීන්ගේ නිවේදනයේ සඳහන් වෙනවා. මේ අතර මානව හිමිකම් ඇමති මහින්ද රාජපක්ස ඊයේ බී.බී.සී. සේවයට කතා කරමින් කීවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වරින් වර සටන් විරාමයක්, මානුෂීය සටන් නැවැත්වීමක් හා කඩින්කඩ සටන් නැවැත්වීමක් ආදී ඉල්ලීම් කළමුත් පැහැදිලි ස්ථාවරයක පිහිටා අදහස් ඉදිරිපත් නොකළ බවයි. එහෙත් රජය යුද්ධය නැවැත්වීමට නම් කොටින් යටත් විය යුතුය යන ස්ථාවරයේ සිටින බව ඔහු කීවා. යුද මුක්ත කලාපයේ සිවිල් විසියන්ට හානි සිදු වන පරිදි ෂෙල් ප්‍රහාර එල්ල කළ බවට නැඟෙන චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||