|
||||||||||||||
|
රජය ජාත්‍යන්තර වර්ධනයන් දෙස පරීක්ෂාවෙන් යුද මුක්ත කලාපයට මෙහෙයුම් නවත්වාගෙන සිටියි (W3Lanka, අප්‍රේල් 11) රජය විසින් වටකොට සිටින යුද මුක්ත කලාපය තුළට මෙහෙයුම් දියත් කිරීමට පෙර රජයත්, හමුදාවත් ජාත්‍යන්තර බලපෑම දෙස අවධානයෙන් කල් ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටින බව වාර්තා වෙනවා. එහෙත්, කොටි නායකත්වය මුලිනුපුටා දැමීමේ සැලැස්ම අත්හිටුවීමට හමුදාවේ කිසිදු සූදානමක් නැති බවද, සිවිල් වැසියන් යුද මුක්ත කලාපයෙන් ඉවතට ගැනීමේ කාර්යය සඳහා පමණක් ජාත්‍යන්තර මැදිහත්වීමක් සඳහා ඉඩ දීමට හමුදාව සූදානම් බවත් සැළයි. එක්සත් ජාතීන් හා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, නෝර්වේ සහ ජපානය යන ටෝකියෝ සම සභාපති රටවල නායකත්වයෙන් යුත් ආධාර කණ්ඩායම යුද මුක්ත කලාපයට ෂෙල් ප්‍රහාර එල්ල නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින අතර, සිවිල් වැසියන්ට එයින් පිට වී යාමට ඉඩ දෙන ලෙස කොටි සංවිධානයෙන් ඉල්ලා සිටියා. ආර්ථික අර්බුදය හමුවේ ලංකාවට ජාත්‍යන්තර ආධාර අවශ්‍ය නිසා බටහිර රටවල හඬට සවන්දීමට සිදු වෙලා. එක්සත් ජාතීන් සහ බටහිර රටවල් ලංකාව සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රතිපත්තියක පිහිටා ඉල්ලීම් ඉදිරිපත් නොකිරීම ලංකාවට දිගින් දිගටම වාසිදායක වුණා. ඔවුන් ක්‍රම විරෝධී කොටි සංවිධානය විනාශ වනවා දකින්න කැමතියි. එහෙත්, ඒ සමගම ලංකාව චීනය, රුසියාව, ඉරානය වැනි බටහිර විරෝධී රටවල් සමග බැඳීමත් ඔවුන් රුස්සන්නේ නැහැ. මැතිවරණයක් හමුවේ ලංකාවේ ප්‍රශ්නය හේතුවෙන් තමිල්නාඩුවේ සහ සෙසු ද්‍රවිඩ ප්‍රාන්තවල අවාසිදායක තත්වයක සිටින ඉන්දීය කොංග්‍රස් සන්ධානයත් ලංකාවේ යුද්ධය වැළැක්වීමට යම් මැදිහත් වීමක් කිරීමට පෙළඹෙන්නේ මෙම සංදර්භය තුළයි. පසුගිය දිනෙක ඉන්දීය විදේශ ලේකම් ශිවශංකර් මෙනන් දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවක් සඳහා ආරාධනා කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කළා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||