|
||||||||||||||
|
කොටින්ට නැතිවෙන්නම ගහනවද? රාජ්‍ය තාන්ත්‍රිකව වැඩ කරනවද? දෙකම එකට කරනවද? ඉදිරි මෙහෙයුම් ගැන රජයේ විසම්මුතියක් (W3Lanka, අප්‍රේල් 16) කොටි සංවිධානය වර්ග කිලෝ මීටර් 21ක යුද මුක්ත කලාපයකට සීමා කර ආරක්ෂක හමුදා එය වට කරගෙන සිටින අතර ශ්‍රී ලංකාවේ පාලකයන් ඉදිරි ගමන ගැන ඒකමතික අදහසක නැති බව වාර්තා වෙනවා. දැන ගන්නට ඇති පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වට කරනු ලැබ සිටින කොටි හමුදාව සහමුලින්ම වනසා දැමිය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටිනවා. යුද හමුදාපති මේජර් ජනරාල් සරත් ෆොන්සේකා ඇතුළු යුද හමුදා ඉහළ ස්ථරයේ සහායද ඔහුට ඇති ඉව වාර්තා වෙනවා. එහෙත් ඔහුගේ සහෝදරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ අවසාන යුද මෙහෙයුමට පෙර රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුය යන ස්ථාවරයේ සිටින බව සැළයි. කොටි සංවිධානය සහමුලින්ම වනසා දැමිය යුතුය යන ස්ථාවරයේ ඔහුද සිටින මුත්, ජාත්‍යන්තර පීඩනය ගැනද ඔහු සංවේදී බව කියනවා. සමහර දේශපාලන සහ යුද උපදේශකයන් මෙම දෙඅංශයේම සම්මිශ්‍රණයක් යෝජනා කරනවා. එක්සත් ජාතීන්, එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් බ්‍රිතාන්‍යය, ජපානය හා නෝර්වේ යන රටවලින් සැදි ටෝකියෝ ආධාර කණ්ඩායමේ සම සභාපතිවරු සහ යුරෝපා සංගමයේ රටවල් ලංකාවේ පාලකයන්ට බලපෑම් කරන්නේ යුද්ධයට මැදි වී සිටින සිවිල් වැසියන්ගේ තත්වය කෙරෙහි සැලකිලිමත් වන ලෙසයි. සිවිල් වැසියන්ට වන හානි තවත් වැඩි වුවහොත්, ලංකාවේ පාලකයන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල විය හැකිය යන අනතුරු ඇඟවීම ඔවුන් කරනවා. මේ අතර යුද මුක්ත කලාපය බටහිරින් වටකොට සිටින 53 සේනාංකය හා 8වන කාර්ය බලකායත්, උතුරින් එය වටකොට සිටින 58 සේනාංකයත්, දකුණින් සිටින 59 සේනාංකයත් යුදමුක්ත කලාපයට පිවිසීමට පෙර සිවිල් වැසියන් විශාල පිරිසක් එයින් පිටතට ගැනීමේ අරමුණින් පීඩනය වැඩි කර තිබෙනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||