W3lanka.com

NEWS IN
ENGLISH

දීර්ඝ සටන් නැවැත්වීමක් ඕනෑ - එක්සත් ජාතීන්

කොටින්ගේ ආකල්පය නිසා දෙන්න බැහැ - විදේශ ඇමති

(W3Lanka, අප්‍රේල් 16)
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද පැය 48ක සටන් විරාමය නිම වීම හා සටන් යළි ආරම්භ වීමත් සමගම එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ජෝන් හෝම්ස් පවසා සිටියේ එය හොඳ පළමු පියවරක් බවයි. එහෙත් සිවිල් වැසියන්ට පිට වී යාමටත්, ඔවුනට මානුෂීය ආධාර ප්‍රමාණවත් ලෙස සැපයීමට හා මානුෂීය සේවකයන්ට එම ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා එම කාලසීමාව අප්‍රමාණවත් බවයි.

කොටින් සිවිල් වැසියන් පිට වී යාම වැළැක්වීමට කටයුතු කළ බව හා සිවිල් වැසියන් පළිහක් ලෙස භාවිතා නොකළ යුතු බව ඔහු කීවා. රජයේ හමුදා යුද මුක්ත කලාපයට ෂෙල් ප්‍රහාර එල්ල නොකළ යුතු බව ඔහු කීවා. යුද මුක්ත කලාපයට මෝටාර් ප්‍රහාර එල්ල කර සිවිල් වැසියන් ඝාතනය කළ බවට තමන්ට එරෙහිව නැඟෙන චෝදනාව රජය ප්‍රතික්ෂේප කරනවා.

මේ අතර විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ්ට දුරකථනයෙන් කතා කරමින් කොටින්ගේ ආකල්පය නිසා දීර්ඝ සටන් නැවැත්වීමක් කළ නොහැකි බව කීවා. නැගෙනහිර පළාතේ මායිම් ප්‍රදේශවල සිංහල ගම්වැසියන් 11ක් කොටින් විසින් මෙම සටන් විරාම කාලසීමාව අතරතුරදී ඝාතනය කරනු ලැබුවා.

සටන් විරාමය අතරතුරදී අප්‍රේල් 14 දින නාවික හමුදාව කී පරිදි ඔවුන් යුද මුක්ත කලාපයට ඇතුළු වීමට උත්සාහ කරමින් සිටි කොටි බෝට්ටු දෙකක් වෙඩි තබා ගිල්වා දමමින් අඩු වශයෙන් කොටි ක්‍රියාධරයන් 10ක් මරා දැමුවා.

කොටි හිතවාදී වෙබ් අඩවියක් පසුගිය මාස තුනක් ඇතුළත සිදු වූ සිවිල් වැසියන්ගේ මරන සංඛ්‍යාව 4100ක් යයි පැවසුවා. තුවාල ලබා ඇති සංඛ්‍යාව අඩු වශයෙන් 8800ක්. ස්වාධීන වාර්තාකරණයක් නොමැති නිසා හානි පිළිබඳව නිවැරදි සංඛ්‍යාලේඛන ප්‍රදේශයෙන් ලැබෙන්නේ නැහැ.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA