|
||||||||||||||
|
උතුරු-නැගෙනහිර දෙමළ ජනයාට සිංහල බහුතරය හා සමාන තත්වයක් ලබා නොදුනහොත් වෙනම ඊලාම් රාජ්‍යයකට උදව් කරනවා ජයලලිතා සන්ධානය කියයි (W3Lanka, අප්‍රේල් 17) ලංකාවේ අනාගත බලය විමධ්‍යගත කිරීමක් තුළ උතුරු-නැගෙනහිර දෙමළ ජනයාට සිංහල බහුතරය හා සමාන තත්වයක් ලබා නොදුනහොත් වෙනම ඊලාම් රාජ්‍යයකට උදව් කරන බවට තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් ව්‍යාපාරයේ මැතිවරණ සන්ධානය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කරනවා. බලය විමධ්‍යගත කිරීම අවසන් වූ පසු උතුරු-නැගෙනහිර ප්‍රදේශ පුනරුත්ථාපනය හා සංවර්ධනය සඳහා ඉන්දීය රුපියල් කෝටි 10,000ක ආධාරත් සන්ධානය පොරොන්දු වෙලා. දැන් ඇරඹී තිබෙන ඉන්දීය මැතිවරණයේදී මෙම සන්ධානය සැලකිය යුතු ජයක් ලැබීමට හා ජාතික දේශපාලනයේදී බලපෑම් කළ හැකි ප්‍රබල තත්වයකට පත් වීමට ඉඩ ඇති බව විශ්ලේෂකයෝ කියනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||