|
||||||||||||||
|
එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලංකාවේ වැඩිපුර මැදිහත් වීමකට මුලපිරෙයි (W3Lanka, අප්‍රේල් 17) එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ප්‍රවීණ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන විජේ නම්බියාර් බ්‍රහස්පතින්දා හදිසියේම ලංකාවට ආවා. ඔහු ඊයේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හමු වූ අතර අද පාතරාසය ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කළා. වන්නියේ කොටින්ගේ පාලනය යටතේ ඇති යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ගේ තත්වය සහ ඔවුන් 'මුදාගැනීම' සඳහා වූ මෙහෙයුම් පිළිබඳවයි මෙම සාකච්ඡා යොමු වුණේ. එක්සත් ජාතීන් ලංකාවේ අවතැන් වූ ජනයා පිළිබඳ මානුෂීය කටයුතු කෙරෙහි මැදිහත් වීම වැඩි කරන ලකුණු මෙම සංවර්ධනයන් විසින් පෙන්නුම් කරනවා. ලංකාවේ රජය යුද මුක්ත කලාපයේ කරන මෙහෙයුම්වලදී සිවිල් වැසියන්ට සිදු වන හානි පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව එක්සත් ජාතීන් නැවත් නැවතත් කියා තිබෙනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||