W3lanka.com

NEWS IN
ENGLISH

පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් පොලිසියට පහර දීම වැඩි‍ වෙලා

පොලිසියට ආරක්ෂාව නොදුන්නොත් රාජ්‍ය නොවන සංවිධාන මේවා නඩු විභාගයකින් තොරව කරන මරණ දඬුවම් දීම් ලෙස හැඳින්විය හැකියි

(W3Lanka, අප්‍රේල් 20)
ශ්‍රී ලංකා පොලිසියේ අත්අඩංගුවේ සිටියදී ආයුධ සැඟවූ තැන් පෙන්වීමට හා අපරාධ සිදු වූ ස්ථානවලට රැගෙන යන අපරාධකරුවන් පොලිසියට පහර දීම බරපතල ලෙස වැඩි වී තිබෙන බව වාර්තා වේ.

අලුත්ම සිද්ධියේදී අක්මීමමන ‍දරුවන් දෙදෙනෙකු මරා දැමීම පිළිබඳ සැකයට පාත්‍ර වී සිටි පුද්ගලයෙක් ඊයේ රාත්‍රී අපරාධය සිදු කළ ස්ථානයට රැගෙන ගොස් සිටියදී පොලිස් නිලධාරීන්ට පහර දීම නිසා පොලිස් වෙඩි පහරින් මිය ගොස් තිබේ.

මීට පෙර ත්‍රිකුණාමලයේදී දැරියක මරා දැමීම පිළිබඳ සැක කරන ලද සිව්දෙනෙක්ද මේ අන්දමින් පොලිසියට පහර දීම නිසා පොලිස් වෙඩි පහරින් මිය ගියහ.

මේ රැල්ල මේ අන්දමින් ඉදිරියට ගියහොත් මානව හිමිකම් පිළිබඳ හඬ නඟන රාජ්‍ය නොවන සංවිධාන මේවා නඩු විභාගයකින් තොරව කරන මරණ දඬුවම් දීම් ලෙස හැඳින්විය හැකි නිසා පොලිසියට අතිරේක ආරක්ෂාව වහා සැපයිය යුතු බව අපේ අදහසයි.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA