|
||||||||||||||
|
සිවිල් වැසියන් රඳවා ගැනීමේ කොටි ග්‍රහණය අහිමි වේ විශාල සංක්‍රමණයක් ඇරඹේ (W3Lanka, අප්‍රේල් 20) උතුරේ යුද මුක්ත කලාපය වෙත දියත් කරන ලද හමුදා මෙහෙයුමකින් කොටි සංවිධානයේ අවසන් පස් බැම්මෙහි කිලෝමීටර් 2 1/2ක් පමණ අල්ලාගැනීමට හමුදාව සමත් වී තිබෙන බවත්, ඒ සමගම සිවිල් වැසියන් 20,000ක් පමණ යුද මුක්ත කලාපයෙන් පිටතට පළා ඇවිත් බවත් වාර්තා වේ. තවත් පිරිස් අද දිනයේදී යුද මුක්ත කලාපයෙන් පිටතට පළා එනු ඇතැයි අපේක්ෂා කෙරේ. සිවිල් වැසියන් රඳවා ගැනීමේ හැකියාව අහිමි වන සංදර්භය තුළ කොටි සංවිධානය විසින් පළා යන වැසියන් වෙත එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් පිළිබඳවද රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. 11වන පාබල හමුදාව, 9 වන ගැමුණු බලකාය, 8වන ගජබා රෙජිමේන්තුව, විශේෂ බලකාය හා යුද හමුදා කොමාන්ඩෝ බලකාය විසින් ඒකාබද්ධව එල්ල කරන ලද ප්‍රහාරයකින් පුදුමාතලන් ප්‍රදේශයේ කොටි පස් බැම්මෙහි විශාල ප්‍රදේශයක් අත්පත් කර ගත් බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය. කොටින්ට හිතවත් ටැමිල්නෙට් වෙබ් අඩවිය ප්‍රකාශ කරන පරිදි මාතලාන් හා මුල්ලිවයික්කාල් ප්‍රදේශ අතර හමුදාව විසින් අද පාන්දර 2ට පමණ ගොඩබිම් මෙහෙයුමක් ආරම්භ කර තිබේ. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||