W3lanka.com

NEWS IN
ENGLISH

ලංකාව නෝර්වේ සමග තානාපති සබඳතා අතහරින්න සැරසෙයි

තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ

(W3Lanka, අප්‍රේල් 21)
ලංකාව නෝර්වේ රාජ්‍යය සමග තානාපති සබඳතා අත්හරින්න ආසන්න බව වාර්තා වේ. රජයේ ප්‍රධාන හවුල්කාර පක්ෂ දෙකක් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ඊයේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් යුත් උද්ඝෝෂණයක් පැවැත්වුවා. එයට ඉහළ බලධාරීන්ගේ පූර්ණ ආශිර්වාදය ලැබී ඇති බව සැළයි.

උද්ඝෝෂකයෝ නෝර්වේ රට කොටි හිතවාදී රටක් ලෙස නම් කරමින් පිටව යන ලෙස සටන් පාඨ කීවා. ඔවුහු එක්සත් ජනපද හා ජර්මන් තානාපතිට එරෙහිවද සටන් පාඨ කීවා.

ලංකාව දැන් අක්‍රිය වී ඇති සාම ක්‍රියාවලියේ පහසුකාරක භූමිකාව සඳහා වසර කීපයකට ඉහතදී නෝර්වේ රටට ආරාධනා කළත්, වත්මන් රජය සටන් විරාම ගිවිසුම හා සම්බන්ධ නෝර්වේ භූමිකාව හෙළා දකිනවා.

පසුගිය 12දා ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතිකයන් පිරිසක් යයි සැක කරනු ලබන කණ්ඩායමක් නෝර්වේහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පහර දුන්නා. ලංකාව කියන්නේ මෙය කළේ කොටි 'ත්‍රස්තවාදීන්' බවයි. ඒ පිළිබඳ නොර්වේ රජය නිසි පරිදි ක්‍රියා නොකරන බවයි උද්ඝෝෂණයේදී කියවුණේ.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA