|
||||||||||||||
|
ඇමරිකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලංකාව ඉල්ලූ ණයට බාධා කරයි කොටින් ඇමරිකාවත් එක්ක යාලු වෙන්න යයි (W3Lanka, අප්‍රේල් 21) උග්‍ර විදේශ සංචිත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.9ක ණය පමා කර වැඩි පීඩනයක් ලංකාවට ඇති කිරීමට ඇමරිකා එක්සත් ජනපදය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා. ජා.මු.අ.ට වැඩිපුරම අරමුදල් සපයන්නේ එක්සත් ජනපද භාණ්ඩාගාරය හා යුරෝපය නිසා ණය අපේක්ෂා කරන රටවලට බටහිර සතුටු වන පරිදි කටයුතු කරන්න සිදුවෙනවා. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ගිය සතියේ නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ රජයට කීවේ ත්‍රස්තවාදයට හා ප්‍රචණ්ඩත්වයට සම්බන්ධ නැති දෙමළ ජනයා සමග කටයුතු කරන ආකාරය පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස හා කල් පවතින සාමයක් හා සංහිඳියාවක් සඳහා බලය බෙදීමේ යාන්ත්‍රණයක් සකසන ලෙසයි. දුර දිග යන බලය බෙදා ගැනීමක් සුළුතර ප්‍රජාවන් සමග කරන්න කිසිදු සූදානමක් මේ රජය විසින් පළ කර නැහැ. ඒ මදිවාට යුරෝපා රටවල් සටන් විරාමයක් සඳහා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හරහා ලංකාව යුරෝපයත් කුපිත කරගෙනයි ඉන්නේ. මේ අතර කොටි සංවිධානය අලුතෙන්ම නිකුත් කළ නිවේදනයේ එක්සත් ජනපදය ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය පිළිබඳ දැන් දරණ ස්ථාවරය අගය කර තිබෙනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||