W3lanka.com

NEWS IN
ENGLISH

ජා.මු.අ. ණය පමා කරන්න එක්සත් ජනපදය බලපෑම් කරන්නේ නැහැ - කබ්රාල්

ඇමරිකන් තානාපතිගෙන් ඇමතිවරයෙකුට තර්ජනයක්

(W3Lanka, අප්‍රේල් 23)
උග්‍ර විදේශ සංචිත හිඟයකට මුහුණ දී සිටින ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ‍රුපියල් ‍කෝටි 22ක ණය පමා කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ජා.මු.අ.ට බලපෑම් කරන බවට ඇති ප්‍රචාරය මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතික්ෂේප කරනවා.

කෙ‍සේ වෙතත්, ණය තවමත් අනුමත වී නොමැති අතර මහ බැංකුවේ මුල්‍ය පාලන පද්ධති සහ ජා.මු.අ. ණය භාවිතා කිරීමට එයට ඇති හැකියාව පිළිබඳ තීරණය කිරීම සඳහා ජා.මු.අ. නියෝජිත පිරිසක් ලබන සතියේ ලංකාවට එන්න නියමිතයි.

මේ අතර විමල් වීරවංශ මන්ත්‍රීවරයා අද මාධ්‍ය හමුවකදී කී පරිදි එක්සත් ජනපද තානාපති රොබට් ඕ බ්ලේක් සටන් විරාමයක් ඇති නොකළොත් ජා.මු.අ. වළක්වන බවට හා ජනාධිපති ඇතුළු රජයේ නායකයන් යුද අපරාධ චෝදනා මත ජාත්‍යන්තර අධිකරණයක් හමුවට පමුණුවන බවට රජයේ ප්‍රබල ඇමතිවරයකුට තර්ජනය කර තිබෙනවා. ඔහු කියන පරිදි ඇමරිකාවට අවශ්‍ය වී තිබෙන්නේ කොටින්ට බලෙන් සිවිල් වැසියන් රඳවාගෙන සිටීම සඳහා ඉඩ සැලසීම පිණිසයි.

එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ලංකාවේ සටන් විරාමයක් ඇති කළ යුතු බවට බල කරන රටවල් අතරින් ප්‍රමුඛයි.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA