|
||||||||||||||
|
නම්බියාර් ලංකාව ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට කරුණු කියයි ලංකාවේ තත්වය මහා ව්‍යසනයක් හැර අන් යමක් නොවේ - රතු කුරුසය (W3Lanka, අප්‍රේල් 23) පසුගියදා ලංකාවේ තෙදින සංචාරයක් නිමා කර නිව්යෝක් වෙත ආපසු පැමිණි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර් ආරක්ෂක මණ්ඩලය හමුවේ රහස්‍ය ලෙස තත්වය පිළිබඳ විස්තරයක් කරන්න නියමිතයි. මුලදී ඔහු මේ සඳහා අකැමැත්තක් දැක්වූ බව ඉනර්සිටි ප්‍රෙස් කලින් වාර්තා කළා. චීනය, රුසියාව ඇතුළු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15ම මෙවැනි විස්තර කිරීමක් නම්බියාර්ගෙන් ලබාගැනීම සඳහා කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙනවා. නම්බියාර් මුලින් තර්ක කළේ මැදිහත්කරුවකු ලෙස ඔහු ලංකාවේ ජනාධිපති සහ ඔහුගේ සහෝදර ආරක්ෂක ලේකම් සමග කළ සාකච්ඡා ආරක්ෂක මණ්ඩලයෙන් පවා රහස්‍ය බවයි. ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ පියරේ ක්‍රැහෙන්බුවල් ලංකාවේ තත්වය හැඳින්වූයේ මහා ව්‍යසනයක් හැර අන් යමක් නොවන බව කියමින්. තව දුරටත් සිර වී සිටින දස දහස් සංඛ්‍යාත ජනයා මුදා ගැනීම සඳහා ඉක්මණ් ක්‍රියාකාරිත්වයක අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නා. මේ අතර කොටි සංවිධානය සමග සම්බන්ධ ආධාර සංවිධානයක් විසින් නිකුත් කරන ලද යුද මුක්ත කලාපයේ වීඩියෝ දර්ශන ජාත්‍යනතර පනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. රජයේ ප්‍රහාරවලින් තුවාල ලද සිවිල් වැසියන් එහි පෙන්වනු ලැබුවා. සිවිල් වැසියන් 1000ක් මරා දැමූ බව හා තවත් 2300කට ප්‍රහාරයේදී තුවාල සිදු කළ බව එල්.ටී.ටී.ඊ. සංවිධානය රජයට චෝදනා කරනවා. රජය මේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පවසන්නේ ප්‍රඩාරය පිණිස කොටින් තමන්ගේම මිනිසුන් මරා දමන බවයි. මේ අතර අවතැන්ව පැමිණෙන මිනිසුන් සඳහා දැනට වවුනියාවේ ඇති සුබසාධන මධ්‍යස්ථාන 15ට අමතරව තවත් 10ක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||