|
||||||||||||||
|
ලංකාවේ මානුෂීය අර්බුදය ගැන එක්සත් ජනපදයේ කණස්සල්ල දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ක්ලින්ටන් කියයි (W3Lanka, අප්‍රේල් 23) විසි පස් වසරක ගැටුම නිමා කිරීමට දරණ ප්‍රයත්නය තුළ පෙර නොවූ විරූ විඳවීමක් ඇති කරමින් සිටින බැවින් සමස්ත ලෝකයම මහත් බලාපොරොත්තු සුන් වූ තත්වයකට ලත්ව සිටින බව ලංකාව දන්නේ යයි තමන් සිතන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව ඉදිරියේ කරුණු දක්වමින් ඊයේ පැවසුවා. ලංකාවේ තත්වය 'භයානක මානව ඛෙදාන්තයක්' ලෙස හඳුන්වමින් ක්ලින්ටන් පැවසුවේ සටන් නවත්වා හැකි තරම් සිවිල් වැසියන් පිරිසකට ආරක්සිතව පිට වී යන්නට ඉඩ සලසා දෙන ලෙස එක්සත් ජනපදය ලංකාවේ රජයට බල කරමින් සිටින බව ඇය කීවා. ලංකාවේ සටන් අඩු වීමක් හෝ අවසන් වීමක් සිදු වූ වහාම දැවැන්ත මානුෂීය ආදාර සැලසීමක් පමණක් නොව දේශපාලන විසඳුමක්ද ඇති විය යුතු බව ඇමරිකා එක්සත් ජනපදය කියනවා. මෙම කාලය පුරා මෙම අභ්‍යන්තර කැරැල්ල ගසමින් සිටින ජනයා යම් අන්දමකින් දේශපාලන ක්‍රියාවලිය වෙත ගෙන ආ යුතු බව හිලරි ක්ලින්ටන් පවසනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||