W3lanka.com

NEWS IN
ENGLISH

යටත් වූ කොටි නායකයන් ජනමාධ්‍ය හමුවට?

කොටි පාලන ප්‍රදේශයේ ඉන්නේ 15,000යි - දයා මාස්ටර්

(W3Lanka, අප්‍රේල් 23)
එල්.ටී.ටී.ඊ. සාම‍ ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පුලිදේවන් බී.බී.සී.යට කියන පරිදි හමුදාවට භාර වූ කොටි සංවිධානයේ ප්‍රධානීන් දෙදෙනා වසරක පමණ කාලයක් අසනීප තත්වය නිසා සංවිධානයේ කටයුතුවලින් ඈත් වී සිට තිබෙනවා. එම ජ්‍යේෂ්ඨ කොටි ක්‍රියාධරයන් දෙදෙනා වන්නේ එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් සහ හිටපු දේශපාලන අංශ ප්‍රධානී එස්. පී. තමිල්චෙල්වන්ගේ භාෂා පරිවර්තක ජෝර්ජ්ය.

නමුත් හමුදාව පවසන්නේ තම පවුලුවල අය සමග පැමිණ භාර වූ මොවුන් හොඳ සෞඛ්‍ය තත්වයක සිටි බවයි.

හිටපු ඉංග්‍රීසි ගුරුවරයකු වන වේලායුදන් දයානිදි හෙවත් දයා මාස්ටර් මීට ටික කලකට ඉහතදී හදවත් රෝගයකට ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ රෝහලකට පැමිණි අවස්ථාවේදී සිංහල ජාතිකවාදීන් එයට විරෝධය පළ කළා.

වේලුපිල්ලෛ කුමරු පංචලිංගම් හෙවත් ජෝර්ජ් විශ්‍රාමික රජයේ සේවකයකු යයි සැලකෙන වයෝවෘද්ධ පුද්ගලයෙක්. ඔහුට හොඳින් සිංහල කතා කළ හැකි අතර මොවුන් කොයි මොහොතක හෝ ජනමාධ්‍ය හමුවට පැමිණවීමට නියමිතයි.

මේ අතර නිල නොවන හමුදා ආරංචි මාර්ග පවසන්නේ කොටින්ගේ පාලනය ය‍ටතේ තවමත් පවතින වර්ග කිලෝමීටර් අටක් පමණ වෙතැයි සැලකෙන වලයිඥර්මඩම් සිට මුල්ලිවයිකකාල් දක්වා ප්‍රදේශයේ සිවිල් වැසියන් 50,000ක් පමණ රැඳී සිටිනවා. පුලිදේවන්ට අනුව නම්, ස්ව කැමැත්තෙන් රැඳී සිටින මිනිසුන් සංඛ්‍යාව 200,000ක් පමණ වෙනවා. එහෙත්, දයා මාස්ටර් ප්‍රශ්න කරන්නන්ට පවසා තිබෙන්නේ තවමත් කොටි පාලන ප්‍රදේශයේ සිටින සංඛ්‍යාව 15,000ට නොවැඩි බවයි.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA