W3lanka.com

NEWS IN
ENGLISH

ලංකාව සටන් විරාමයක් සඳහා ඉන්දීය බලපෑමට අවනත නොවෙයි

ඡන්දය හමුවේ තමිල්නාඩු පීඩනය මගහරින ඉන්දීය වෑයමක්

(W3Lanka, අප්‍රේල් 25)
සිකුරාදා ලංකාවට පැමිණ ගිය ඉන්දීය විදේශ ලේකම් ශිවශංකර් මෙනන්ගේ හා ජාතික ආරක්ෂක උපදේශක එම්. කේ. නාරායනන්ගේ බලපෑම විසින් ලංකාවේ හමුදා දෙමළ කොටින්ට එරෙහිව ගෙන යන යුද මෙහෙයුම්වල වෙනසක් ඇති නොකරන බව දැනගන්න ලැබෙනවා. එය හුදෙක් දෙමළ බහුතරයක් ජීවත් වන තමිල්නාඩුවේදී පාලක කොංග්‍රස් පක්ෂය මුහුණ දෙන පීඩනය සමනය කිරීමට ඉන්දීය රජය ගත් ක්‍රියාමාර්ගයක් බවයි වාර්තා වන්නේ.

ඉන්දීය නිලධාරීන් දෙදෙනා ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කර ආපසු ගියා. ඉන්පසු තවමත් එම ගමන ගැන සඳහනක් නැහැ.

වන්නියේ සිදු වන මිනිස් ඝාතන හේතුවෙන් කැළඹුණු දෙමළ හැඟීම් සහිත තමිල්නාඩුවේ මැතිවරණයේදී මහ ඇමති කරුණානිධිගේ ඩී.එම්.කේ. පක්ෂයේ නායකත්වයෙන් යුත් කොංග්‍රස් සන්ධානය මහත් දුෂ්කර තත්වයකට මුහුණ දෙනවා.

අන්තිම සිවිල් වැසියාත් පිට වී යනතෙක් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස තමන් ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඉන්දීය විදේශ ඇමති ප්‍රනාබ් මුඛර්ජි බ්‍රහස්පතින්දා දිල්ලියේදී කී බව රජයට අයත් දූරදර්ශන් රූපවාහිනිය වාර්තා කළා. යුදමය විසඳුම සැබෑ විසඳුමක් නොවන බව දිගින් දිගටම තමන් ලංකාවේ බලධාරීන්ට කියා ඇති බවද ඔහු කීවා.


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA