|
||||||||||||||
|
ජෝන් හෝම්ස් අද ලංකාවේ ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සටන් නැවැත්වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. මානුෂීය ආධාර කණ්ඩායමත් ප්‍රතික්ෂේප කරන ලකුණු (W3Lanka, අප්‍රේල් 25) එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සහ හදිසි සහන සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් තෙදින චාරිකාවක් සඳහා අද ලංකාවට ඒමට නියමිතයි. මේ අතර එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක සිවිල් වැසියන්ට පිට වී යාම සඳහා සටන් නවත්වන්නැයි එක්සත් ජාතීන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එසේම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් බ්‍රහස්පතින්දා නිවේදනය කළ යුද මුක්ත කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ගේ තත්වය නිරීක්ෂණය කිරීම පිණිස ලංකාවට එවන මානුෂීය සහන කණ්ඩායමද ලංකාව විසින් ප්‍රතික්ෂේප කිරීමට නියමිත බව වාර්තා වෙනවා. හෝම්ස් රජය සමග සාකච්ඡා කරන්න යන්නේ මෙම ප්‍රදේශයේ මානුෂීය සහන සැලසීමේ කටයුතුවලට හා අවතැන් වූවන් වෙත ළඟා වීමට රජය ක්‍රියාකාරීව පහසුකම් සැලසීමේ අවශ්‍යතාව හා රජය විසින් කඳවුරුවල රඳවා තබාගෙන සිටින එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලය නිදහස් කරගැනීම ආදී කරුණු බව එහි ප්‍රකාශිකා මාරි ඔකබේ පැවසුවා. ලංකාවේ රජය සිය පවුල් සමග වන්නියේ සිට වවුනියාවට පළා ආ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ 13දෙනෙක් තවමත් කඳවුරුවල රඳවාගෙන සිටිනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර කණ්ඩායමට ලංකාව ඉඩ නොදෙනු ඇතැයි සිතිය හැකි ප්‍රකාශ කීපයක් මෙසේයි. ගිය සතියේ එම දූත මෙහෙය යෝජනා කරන විට තිබූ තත්වය අද වන විට වෙනස් වී ඇති බව විදේශ ලේකම් පාලිත කොහොන කියනවා. සිවිල් වැසියන් බේරාගැනීමේ මෙහෙයුම් තවමත් සිදු වෙමින් පවතින යුද කලාපයට ආධාර සංවිධාන යැවීම බුද්ධිමත් පියවරක් නොවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය සිකුරාදා නිවේදනය කළේ කූඩාරම් 5000ක් ඇතුළු සැපයුම් තොගයක් ඩුබායිහි සිට මේ සති අන්තයේ ලංකාවට ගුවනින් එවන බවයි. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||