|
||||||||||||||
|
බස්නාහිර මැතිවරණයෙන් වාර්ගික බෙදීම ප්‍රදර්ශනය වේ යුද්ධය සඳහා රජයට පැහැදිලි සිංහල ජනවරමක් (W3Lanka, අප්‍රේල් 26) ශ්‍රී ලංකාවේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී පහසු ජයක් වාර්තා කරන ලකුණු දක්නට ලැබෙනවා. එහෙත් මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලිවම සිංහල, දෙමළ වාර්ගික බෙදීම පෙන්නුම් කරනවා. විපක්ෂ එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ සුළු ජාතික බහුතරයක් සහිත සියලු ආසන ජයග්‍රහණය කර ඇති අතර, එජාපය සිංහල බහුතරයක් ජීවත් වන සියලු මැතිවරණ කොට්ඨාස සෑහෙන බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ජයගෙන තිබෙනවා. කෙසේ වෙතත්, විශාල ඡන්දදායක ප්‍රතිශතයක් ඡන්දය දීමෙන් වැළකී සිටිනවා. පළාත් සභා මැතිවරණයට පූර්වයෙන් තිබුණු මෑත කාලයේදී දීර්ඝම වූ ප්‍රචාරක සමයේදීත් මැතිවරණ දිනයේදීත් ජනතාව ඡන්දය ගැන දැක්වූයේ දැඩි අලස ප්‍රතිචාරයක්. වන්නියේ දෙමළ කැරැල්ලට එරෙහිව රජය ගෙන යන යුද්ධය සඳහා සිංහල බහුතර ජනයා දුන් පැහැදිලි ජනවරමක් ලෙස සැලකිය හැකියි. එක්සත් ජාතීන්, එක්සත් ජනපදය, යුරෝපය හා ඉන්දියාව සටන් විරාමයක් ඇති කර, කල් පවත්නා විසඳුමක් සඳහා සාකච්ඡා ආරම්භ කරන්නැයි කරන බලපෑම් නොතකා දෙමළ කැරැලිකරුවන් මර්දනය කිරීමේ මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට රජය අධිෂ්ඨාන කරගෙන සිටිනවා. කොටි සංවිධානය තුන්වන පාර්ශ්වයකට යටත් විය යුතු යයි එක්සත් ජනපදය කළ යෝජනාව ලංකාවේ රජය ප්‍රතික්ෂේප කළා. ලංකාවේ ප්‍රශ්නය අභ්‍යන්තර කාරණයක් බැවින් එයට තුන්වන පාර්ශ්වයක් නැති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||