|
||||||||||||||
|
ලංකාව යුද්ධය හා සටන් විරාමය අතර පුනරුත්ථාපනයට හා ප්‍රතිසංස්කරණයට බටහිර ඩොලර් ගලා එන්න ළඟයි (W3Lanka, අප්‍රේල් 28) එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඒක පාර්ශ්වික සටන් විරාමයට ප්‍රතිචාර දක්වන්නැයි ජාත්‍යන්තර ප්‍රජාවෙන් එල්ල වූ බලපෑම හමුවේ රජය සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර ඇතැයි පළ වන වාර්තා ආණ්ඩුව ප්‍රතික්ෂේප කරනවා.රජය කියන්නේ කොටි සංවිධානය විසින් රඳවාගෙන සිටින "ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක බවයි. එහෙත් ජනාධිපති කාර්යාලයෙන් මීට පෙර නිකුත් කරන ලද නිවේදනයකි කියවුණේ "ප්‍රහාරක් මෙහෙයුම් අවසානයකට ළඟා වී ඇති" බවයි. සිවිල් ජනයාට හාන් විය හැකි බර අවි, ප්‍රහාරක ගුවන් යානා සහ ගුවන් අවි භාවිතා කිරීම නවත්වන්නැයි හමුදාවලට උපදෙස් දී ඇති බව රජය නිවේදනය කළා. එහෙත් කොටි හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය කියන පරිදි ගුවන් හමුදාව එම නිවේදනය ප්‍රතික්ෂේප කරමින් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන යුද මුක්ත කලාපයේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පසු වතාවකදී බෝම්බ 23ක් දමා තිබෙනවා. රජය මෙවැනි වාර්තා කොටින්ගේ ප්‍රචාරක උපක්‍රම ලෙස ප්‍රතික්ෂේප කරනවා. කලාපයේ ස්වාධීන වාර්තාකරණයකට ඉඩක් නැහැ. ශ්‍රී ලංකාව නිල වශයෙන් පිළිගෙන නැති වුණත්, ඉන්දියානු අභ්‍යන්තර කටයුතු ඇමති පී. චිදම්බරම් ඊයේ ජනමාධ්‍යවලට කීවේ ලංකාව සටන් විරාමයකට එකඟ වී ඇති බවයි. ලංකාවේ සටන් විරාමයක් ඇති කරන්නට මැදිහත් වන්නැයි මධ්‍යම රජයෙන් ඉල්ලමින් පෙරේදා උපවාසයක් ආරම්භ කළ තමිල්නාඩු මහ ඇමති කරුණානිධිද ලංකාවේ රජය සටන් විරාමයකට එකඟ වූ බව තමන්ට මධ්‍යම රජය විසින් දන්වන ලදැයි කියමින් ඊයේ උපවාසය අත් හැරියා. දෙලක්ෂයක් පමණ වන සරණාගතයන්ගේ ආගමනය සමග ඔවුනට පහසුකම් සැලසීම පිණිස රජය විදේශ ආධාර ඉල්ලා සිටිනවා. ඒ අනුව, පොෂ්‍යජනක ආහාර, ජලය පිරිසිදු කිරීමේ ඒකක, විජලනයට දෙන ලුණු හා වෛද්‍ය උපකරණ ඇතුළු මෙට්‍රික් ටොන් 50ක පමණ ආධාර යුනිසෙෆ් සංවිධානය ඊයේ ගුවනින් එව්වා. ලංකාවේ සංචාරයක නියැලුණු එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර ප්‍රධානී ජෝන් හෝම්ස් එක්සත් ජාතීන්ගේ හදිසි මානුෂීය ආධාර අරමුදලෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 10ක ආධාරයක් ඊයේ රජයට පොරොන්දු වුණා. දරුණු විදේශ විනිමය අර්බුදයකට මුහුණ දී සිටින ලංකාවේ රජය ගැටුම්වලින් හානි සිදු වූ ප්‍රදේශ සංවර්දනය කිරීම සඳහා ආධාර ලබාගැනීමට ලබන සතියේ ආධාර සංසදයේ රටවල් හමු වන්න නියමිතයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති රු. කෝටි 22ක ණය ලැබෙන තෙක් ආර්ථිකය බේරාගැනීමට මෙම ඩොලර් රජයට මහෝපකාරී වෙනවා. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||