W3lanka.com

NEWS IN
ENGLISH

කොටි කැරැලිකරුවෝ භාර වෙති

සයනයිඩ් සංස්කෘතිය ලිහිල් වේ

(W3Lanka, අප්‍රේල් 30)
කොටි සංවිධානයේ කැරැල්ලේ සම්ප්‍රදායික යුද්ධය පරාජය අද්දරටම එද්දී එල්.ටී.ටී.ඊ. සම්ප්‍රදාය අනුව සයනයිඩ් පාවිච්චි කර සිය දිවි තොර කර ගන්නවා වෙනුවට භාර වීමට ඇතැම් සාමාජිකයන් ඉදිරිපත් වී සිටිනවා.

යටත් වූ හිටපු එල්.ටී.ටී.ඊ. මාධ්‍ය ප්‍රකාශක දයා මාස්ටර් සහ හිටපු දේශපලන ප්‍රධානී එස්. පී. තමිල්චෙල්වන්ගේ භාෂා පරිවර්තක ජෝර්ජ් ඊයේ රජයේ ස්වාධීන රූපවාහිනියේ පෙනී සිටිමින් කොටි නායක ප්‍රභාකරන් විවේචනය කළා. කොටි සංවිධානය දෙමළ සමාජය වෙනුවෙන් දිනා දුන් දෙයක් නැති බව කී ඔවුහු බාල වයස්කරුවන් බඳවා ගැනීම හා පළා යාමට උත්සාහ කරන සිවිල් වැසියන්ට වෙඩි තැබීම පිළිබඳ කොටින්ට දෝෂාරෝපණය කළා. 2006දී සාම ක්‍රියාවලිය බිඳවැටීමත් සමග තමන් බලාපොරොත්තු සුන් වූ තත්වයකට පත් වූ බව ඔවුන් කියනවා.

නිල නොවන වාර්තා අනුව, මෙම ප්‍රධාන නායකයන් දෙදෙනාට අමතරව, කලක් එල්.ටී.ටී.ඊ.යේ ප්‍රධාන තනතුරක් දැරූ කාන්තාවක්, ඇගේ සැමියා වන එල්.ටී.ටී.ඊ. සංස්කෘතික ඒකකයක ප්‍රධානියෙක්, බෝට්ටු නිෂ්පාදන ඒකකයේ ප්‍රධානියා හා බෝට්ටු එන්ජින් අංශයේ නායකයෙක්ද භාර වූ අය අතර ඉන්නවා. ඔවුන් ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙන බව සැළයි.

එල්.ටී.ටී.ඊ. කණිෂ්ඨ සටන්කරුවන් බොහෝ ගණනක්ද තුවක්කු සහ සයනයිඩ් කරල් ඉවත දමා භාර වී ඇති බව හමුදා ආරංචි මාර්ග පවසනවා. ‍


අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA