W3lanka.com

NEWS IN
ENGLISH

දෙමළ ඊලම පිහිටුවන්න ඉන්දීය හමුදා එවන බව ජයලලිතා නැවත අවධාරණය කරයි

ආසන 40ම දිනුවොත්

(W3Lanka, මැයි 07)
‍තමිල්නාඩු මහ ඇමති කරුණානිධිගේ නායකත්වයෙන් යුත් ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂය සමග සන්ධානගත වී සිටින පාලක කොංග්‍රසයේ සභාපති සෝනියා ගාන්ධි තමිල්නාඩුවේ සහභාගි වීමට සිටි රැස්වීම් දෙමළ ජාතිකවාදීන්ගේ විරෝධතා හේතුවෙන් අවලංගු කෙරෙද්දී හිටපු මහ ඇමති සහ සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකා ජයලලිතා නැවත වතාවක් අවධාරණය කළේ ඇගේ සන්ධානය ලංකාවේ උතුරේ වෙනම ඊලාම් රාජ්‍යයතට අනුග්‍රහ දක්වන බවයි.

සමස්ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් සන්ධානය ආසන 40ම (තමිල්නාඩු 39ක් සහ පුදුචෙරි එකක්) දිනුවොත් ඉන්දිරා ගාන්ධි පකිස්ථානයෙන් බංග්ලා දේශය වෙන් කිරීමට හමුදා එවූ ආකාරයටම ශ්‍රී ලංකාවේ වෙනම ඊලාම් රාජ්‍යයක් ඇති කිරීමට ඉන්දීය හමුදා එවන බව ජයලලිතා ඊයේ චෙන්නෛ සිට කිලෝමීටර් 250ක් ඈතින් විල්ලිපුරම්හි පැවති රැස්වීමකදී කිව්වා.

ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයට නායකත්වය දෙන මහ ඇමති කරුණානිධි කෙතරම් මෙළ කොටි හිතවාදී වුවත් ඔහු සන්ධානගත වී සිටින කොංග්‍රස් පක්ෂයේ මධ්‍යම ආණ්ඩුව ශ්‍රී ලංකාවේ යුද්ධයට දක්වන සහයෝගය හේතුවෙන් ඔහු දැඩි විවේචනයට ලක් වෙලා. ජයලලිතා කොටි සංවිධානය විවේචනය කරන්නියක් වුවත් උග්‍ර කොටි හිතවාදීන් වන වයිකෝ වැන්නන් සන්ධානගත වී සිටින්නේ ඇය සමගයි. මැයි 13 පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ වැඩි වාසි ඇත්තේ ඇයට බව තමිල්නාඩු ආරංචි මාර්ග පවසනවා.


Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA