|
||||||||||||||
|
ජානිපෙ අර්බුදය උග්‍ර වේ; නන්දන ශ්‍රිලනිපයට? සෙනෙවි ඉල්ලා අස් වෙයි; එහෙත් ලියුමක් නැහැ (W3Lanka, මැයි 07) විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ජානිපෙ ජාතික සංවිධායක කමල් දේශප්‍රිය මන්නවත්ත මධ්‍යම කාරක සභාවට පිටු හයක ලියුමක් දී ඉල්ලා අස් වී ඇති බව පසුගියදා ලංකා ඊ නිව්ස් වාර්තා කළ මුත්, ඔහු එවැනි ලියුමක් දී නැති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසනවා. ඔහු සමග තවත් මධ්‍යම කාරක සභිකයන් කීප දෙනෙක්ම ඉල්ලා අස් වී ඇති බවත් සැළයි. විමල් වීරවංශ සහ නන්දන ගුණතිලක අතරද ගැටුමක් ඇති අතර ජනාධිපති මහින්ද රාජපක්ෂ නන්දන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳෙන්නේ නම් ඔහුට පානදුර ආසන සංවිධායක ධුරය ලබා දීමට කැමැත්ත පළ කරලා. මේ අතර, ජානිපෙ බිඳී ආ මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාධරයකු වූ නන්දන බාලගේ බස්ාහිර පළාත් සභා මැතිවරණ සමයේ වේයන්ගොඩදී වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති ජානිපෙ මන්ත්‍රී පියසිරි විජේනායක ඇතුළු පිරිසක් අත්තනගල්ල මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ්ගත කළා. Facebook සමග බෙදා ගන්න මේ පිටුව ගැන කාට හරි කියන්න අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||