|
||||||||||||||
|
ජල සම්පත් පෞද්ගලීකරණය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධාන අමාත්‍යංශයත් යට කරගනියි වෘත්තීය සමිතිවලට, නිලධාරීන්ට තර්ජන (W3Lanka, මැයි 08) ශ්‍රී ලංකා ජල සහයෝගිතාව හෙවත් ලංකා ජලනි නම් වූ ඒකාබද්ධ ජල සම්පත් කළමනාකරණය නමින් ජල සම්පත් පෞද්ගලීකරණය ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධානයක් පෞද්ගලීකරණයට විරුද්ධව ක්‍රියා කරන නිලධාරීන්‍ට සහ වෘත්තීය සමිතිවලට එරෙහිව මාෆියා ස්වරූපයේ ව්‍යාපාරයක් ගෙන යන බව වෘත්තීය සමිති පවසනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සංගමය පවසන ආකාරයට මෙම රාජ්‍ය නොවන සංවිධානය වාරිමාර්ග දෙපාර්තමේන්තුව අහෝසි කිරීමට හා ජල සම්පත් පෞද්ගලීකරණයට එරෙහිව ක්‍රියා කරන වෘත්තීය සමිති සහ නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරනවා. 2009/4/3 දාතමින් ශ්‍රී ලංකා ජල සහයෝගිතාව සභාපති ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිසර) බී. කේ. ජයසුන්දරට සදාචාර විරෝධී ලිපියක් යවන එස්. බී. නියංගොඩ නමැත්තෙක් 2009 ලෝක ජල දින සමරුවකදී ඔහු සහ තවත් අයගේ රූප ජල පෞද්ගලීකරණය ප්‍රවර්ධනය කරන්නන්ගේ ලෙස දැක්වීම පිළිබඳ ජයසුන්දරට එරෙහිව අපහාසයට නඩු දමන බව දැනුම් දී ඇත. මේ නියංගොඩ වනාහි මහවැලි අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙක් සහ ජනාධිපතිගේ අතිරේක ලේකම්වරයෙකි. ශ්‍රී ලංකා ජල සහයෝගිතාව නම් රාජ්‍ය නොවන ජල සම්පත් පෞද්ගලීකරණය ප්‍රවර්ධනය කරන සංවිදාන සමග ජාලගතව ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරනවා. ඔවුන් කියන පරිදි මෙම රාජ්‍ය නොවන සංවිධාන ජාලය කෙතරම් ප්‍රබලද යත් ඔවුන්ගේ ක්‍රියාවලට විරුද්ධව වෘත්තීය සමිති විසින් ආයතන ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබූ ප්‍රචාරණ ද්‍රව්‍ය ඉවත් කරන ලෙස අදාළ ආයතන ප්‍රධානීන්ට කීමට වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශය පොළඹවා ැනීමට පවා ඔවුන් සමත් වෙලා. ශ්‍රී ලංකා ජල සහයෝගිතාව වෘත්තීය සමිති චෝදනා ප්‍රතික්ෂේප කරන අතර එහි ස්ථාවර ප්‍රකාශනයක සඳහන් වන පරිදි ඔවුන් ජල කළමනාකරණය සඳහා බහු ජාතික සමාගම් යොදා ගැනීමට විරුද්ධයි.
Facebook සමග බෙදා ගන්න මේ පිටුව ගැන කාට හරි කියන්න අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||