W3lanka.com

NEWS IN
ENGLISH

විමල් වීරවංශ ඔන්ලයින් මාධ්‍යවේදීන්ට තර්ජනය කරයි

දේශසීමා නැති මාධ්‍යවේදීන්ගේ අවධානය

(W3Lanka, මැයි 08)
දේශසීමා නැති මාධ්‍යවේදීන්ගේ ආසියා පැසිෆික් කාර්යාලයේ වින්සන්ට් බ්‍රොසෙල් නිවේදනයක් නිකුත් කරමින් පවසන පරිදි ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට හා ඔහුගේ සංස්කාරක වන බෙනට් රූපසිංහට දුරකථනයෙන් තර්ජනය කිරීම පිළිබඳ දේශසීමා නැති මාධ්‍යවේදීන් සැලකිලිමත් බව පවසනවා.

ඊයේ සවස ශාන්ත විජේසූරියගේ ජංගම දුරකථනයට කතා කළ විමල් වීරවංශ ඔහු පිළිබඳව ලියන ලද වාර්තාවක් පිළිබඳ කතා කරමින් ඔහුට "හොඳ පාඩමක්" උගන්වන්නේ යයි කී බව වාර්තා වුණා. මෙම තර්ජනය බැරෑරුම් ලෙස ගත් ශාන්ත විජේසූරිය ඒ පිළිබඳව පොලිසියට තර්ජනය කර තිබේ. තමන්ට ජීවිතය පිළිබඳ අවදානමක් දැනෙන බව ඔහු කීවේ යයි දේශසීමා නැති මාධ්‍යවේදීන් සංවිධානය පවසයි.

විජේසූරියගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස දේශසීමා නැති මාධ්‍යවේදීන් සංවිධානය අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින අතර, වීරවංශගේ තර්ජන පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටියි.


Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA