W3lanka.com

NEWS IN
ENGLISH

ජයලලිතා, කරුණානිධි තර‍ගෙට ඊලාම් හදති

ඉන්දීය මැතිවරණය ඊලාම් ප්‍රශ්නය ගැන ජනමතවිචාරණයක් වේවිද?

(W3Lanka, මැයි 08)
‍ඉන්දීය ලෝක සභා මැතිවරණය ළඟ ළඟ එද්දී ලංකාවේ දෙමළ ජනයාගේ ප්‍රශ්නය තමිල්නාඩුවේ උණුසුම් මාතෘකාවක් බවට පත් වී තිබේ. දෙසතියකට පෙර හිටපු මහ ඇමති සහ අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායිකා ජයලලිතා ජයරාම් පැවසුවේ තම සන්ධානය මැතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් 1970 දශකයේදී නැගෙනහිර පකිස්ථානයෙන් බංග්ලාදේශය වෙන් කිරීමට කටයුතු කළ පරිද්දෙන් ලංකාවේ ඊලාම් රාජ්‍යයක් ඇති කිරීමට ඉන්දීය හමුදාව එවීමට කටයුතු කරන බවයි.

ඇගේ ප්‍රතිවාදියා වන මහ ඇමති හා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ නායක මුතුවේල් කරුණානිධි තමන් සන්ධානගත වී සිටින පාලක කොංග්‍රස් පක්ෂයේ ස්ථාවරයට වෙනස් මතයක් ප්‍රකාශ කරමින් ජයලලිතාට සමාන අදහසක් ඉදිරිපත් කළා. කොංග්‍රසය කියන්නේ ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට එක්සත් ශ්‍රී ලංකාවක රාමුව තුළ දේශපාලන විසඳුමක් සෙවිය යුතු බවයි.

තමිල්නාඩු ආරංචි මාර්ග පවසන පරිදි ජයලලිතා සන්ධානය මේ මැතිවරණයේදී විශිෂ්ඨ ජයක් අත් කරගැනීමට නියමිතයි. දැන් එය උත්සාහ කරන්නේ තමිල්නාඩුවේ ලෝක් සභා ආසන 39ම සහ පුදුචෙරිහි ආසනය දිනාගෙන ප්‍රබල තත්වයකට පත් වන්නටයි. එම තත්වය අත් කර ගැනීමට ඇය සමත් වුවහොත් ඇය තමිල්නාඩුවේ රජුන් තනන්නිය බවට පත් වන අතර, ඇයම වුව අගමැති පදවියට පත් වීමේ ඉඩ මුළුමනින්ම බැහැර කරන්න බැහැ.

මේ මැතිවරණය ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි 1977 වසරේ ලංකාවේ මහ මැතිවරණය තරම්ම වැදගත් යයි සැලකිය හැකියි. එම මැතිවරණයේදී වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා ජනවරමක් ඉල්ලා සිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ එකක් හැර උතුරු නැගෙනහිර දෙපළාතේ ආසන සියල්ල දිනා ගත්තා.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA