|
||||||||||||||
|
අරාබි රටවල වෘත්තීය සමිති සංක්‍රමණික සේවක අයිතිවාසිකම් සුරැකීමට ගිවිසුමකට එළඹෙයි ශ්‍රී ලාංකික හවුල්කරුවෝ බෝඩ්ලෑලිද? (W3Lanka, මැයි 11) සංක්‍රමණික කම්කරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් බහරේන්, ජෝර්දාන් සහ කුවේට්හි වෘත්තීය සමිති සහ ශ්‍රී ලාංකික වෘත්තීය සමිති අතර ගිවිසුමක් ඇති කරගෙන ඇති බව වාර්තා පවසනවා. මෙම ගිවිසුම අනුව එම රටවල වෘත්තීය සමිති ඒ රටවල සේවය කරන සංක්‍රමණික කම්කරුවන්ගේ අයිතිවාසිකම් ජාත්‍යන්තරව පිළිගත් තත්වයට ගෙන එෟම සඳහා කටයුතු කරනවා. එසේම ලාභ නොලබන පදනමකින් කම්කරුවන් බඳවාගැනීමේ නියෝජිතායතන ආරම්භ කිරීමටත් ඔවුන් කටයුතු කරනවා. මැද පෙරදිග, ආසියාවේ සහ යුරෝපයේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 16ක්. එයින් 300,000ක් කුවේට්හිද, 75,000ක් ජෝර්දානයේද, 45,000ක් බහරේන්හිද රැකියා කරනවා. මේ රටවල වෘත්තීය සමිති සමග ගිවිසුම්වලට එළඹ සිටින ශ්‍රී ලාංකික සමිති පිළිබඳව සංක්‍රමණික සේවකයන් නම් දන්නේ ඉතා අඩුවෙන්. මේ පිටුව ගැන කාට හරි කියන්න අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||