W3lanka.com

NEWS IN
ENGLISH

ගහෙන් වැටුණු ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට දේශීය ආදායම් ගොනා අනියි

ලාංකීය මුල්‍ය ධනවාදය අර්බුදයෙන් අර්බුදයට

(W3Lanka, මැයි 11)
උග්‍ර මුල්‍ය අර්බුදයක කරවටක් ගිලී සිටින ලංකාවේ රජය පසුගියදා බිඳවැටුණ ගෝල්ඩන් කී මුල්‍ය සමාගමේ තැන්පත්කරුවනට එරෙහිව පොළී ආදායම මත බදු නොගෙවීම පිණිස පරීක්ෂණයක කරන්නැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

මේ අනුව, ගනුදෙනුව ආරම්භ කළ දිනයේ සිට පොළී ආදායමෙන් 35%ක් බදු හා දඩ බදු ලෙස ගෙවන්නැයි දෙපාර්තමේන්තුව ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට දන්වා තිබෙනවා.

දෙපාර්තමේන්තු වාර්තා අනුව, තැන්පත්කරුවන් 7000ක් රු. 250,000 සිට රු. මිලියන 8 දක්වාද, තවත් තැන්පත්කරුවන් 2000ක් රු. මිලියන 8 සිට 200 දක්වාද ගෝල්ඩන් කී සමාගමේ ආයෝජනය කර තිබෙනවා.

මෙය ලංකාවේ මුල්‍ය ධනවාදයේ ස්වරූපය නිරූපණය කරන කදිම නිදසුනක්. රජය ජනතාවගෙන් අධික ලෙස බදු අය කරනවා. මෙම සූරාකෑම මධ්‍යයේත ඇතැමෙක් ලාභ ලැබීමට සමත් වන අතර, තමන් අමාරුවෙන් ඉපැයූ මුදල් දේශපාලකයන්ට යටි මඩි ගසා ගැනීම පිණිස බදු ලෙස ගෙවන්නේ ඇයිදැයි කල්පනා කරනවා. තවත් ජාවාරම්කරුවන් පිරිසක් වැඩි පොළී ගෙවමින් මොවුන් ආයෝජනයට ආකර්ශනය කර ගැනීමට සමත් වනවා. ටික කලකින් ඔවුන් කරන්නේ මේ සල්ලි ටික පිල්ලි ගැසීමයි. තැන්පත්කරුවන් රජයේ සරණ පතනවා. රජයට කරන්න පුළුවන් දෙයක් නැහැ. ඒ අතර රජය බලන්නේ හොරකම් කර අසු වී සිටින මෙම පිරිසගෙන් තමන්ද ගානක් කපා ගන්නේ කෙසේද කියායි. කොහොම අපූරු ‍ක්‍රමයක්ද?


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA