|
||||||||||||||
|
යුද මුක්ත කලාපයෙන් මරණ සිය ගණනක් වාර්තා වේ (W3Lanka, මැයි 11) උතුරේ යුද මුක්ත කලාපයේ සිදු වූ කාලතුවක්කු ප්‍රහාර හා 300කට අධික වූ මරණ පිළිබඳ බොහෝ ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කළා. ඇතැම් මාධ්‍ය මෙම වාර්තා තහවුරු කිරීම පිණිස යුද මුක්ත කලාපයේ සිටින රජයේ වෛද්‍යවරුන් උපුටා දැක්වූවා. ඔවුන්ට අනුව මෙම කාලතුවක්කු ප්‍රහාර වටය එල්ල වී තිබෙන්නේ පසුගිය සෙනසුරාදා සවස සිට ඉරිදා උදෑසන දක්වායි. රජය මෙම වාර්තා ප්‍රතික්ෂේප කරමින් කීවේ හමුදාව පාවිච්චි කරන්නේ සැහැල්ලු අවි පමණක් බවයි. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය දූත සේවය නිවේදනයක් නිකුත් කරමින් කී පරිදි 250කට වැඩි සිවිල් වැසියන් පිරිසක් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මෝටාර් සහ වෙඩි ප්‍රහාරවලින් මිය ගොස් හෝ තුවාල ලබා තිබෙනවා. ඒ අතර 750ක් දෙනා ආරක්ෂිත ප්‍රදේශවලට පළා ඇවිත් තිබෙනවා. ශ්‍රී ලංකා රජය කියන පරිදි කොටි සංවිධානයේ ග්‍රහණය තුළ ඇති යුද මුක්ත කලාපයේ 20,000ක් සිවිල් වැසියන් ජීවත් වෙනවා. එක්සත් ජාතීන්ගේ ගණනය කිරීම අනුව එම සංඛ්‍යාව 50,000ක් මේ පිටුව ගැන කාට හරි කියන්න අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||