W3lanka.com

 
ENGLISH
HOME PAGE


 
EXCLUSIVE
SINHALA
HOME PAGE


UNICODE
SINHALA
GUIDANCE


ENGLISH
SINHALA
TRANSLATIONS


CONTACT US


ARCHIVES
NEWS
FEATURES
EDITORIALS

මුහුදු කොටින් අභිබැවූ හැටි
නාවික හමුදාපති ජේන්ස් ආරක්ෂක සඟරාවට විස්තර කරයි

(W3lanka, May 12, Colombo) 2009 අප්‍රේල් 29 කලාපයේ ජේන්ස් ආරක්ෂක සඟරාවේ ටිම් ෆිෂ් ලංකා නාවික හමුදාවේ අණ දෙන නිලධාරි වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වයි. එහිදී නාවික හමුදාපතිවරයා දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ නාවික බලකාය වන මුහුදු කොටි පරාජය කළ ආකාරය විස්තර කළේය.

"ඔවුන් වඩා වේගවත් වූ අතර විශාල සංඛ්‍යාවන්ගෙන් පැමිණ ප්‍රහාර එල්ල කළහ. මුහුදු සටන්වලදී සතුරු යාත්‍රා 15කට පමණ හා සියදිවි නසාගැනීමේ ප්‍රහාරක යාත්‍රා 10කට පමණ මුහුණ දීම අපගේ ඩෝරා යාත්‍රාවලට ඉතා දුෂ්කර විය.

"එයට මුහුණ දීම සඳහා අප කුඩා බෝට්ටු සංකල්පයක් ගෙන ආ අතර, ඒවා යුදබිමේදී සංඛ්‍යාවෙන් එල්.ටී.ටී.ඊ. බෝට්ටු ඉක්මවා ගියහ. අපි තුන් වර්ගයක වෙරළාසන්න මුර යාත්‍රා නිෂ්පාදනය කළ අතර, රළු මුහුදේ විවිධ මට්ටම්වලදී ඒවාට ක්‍රියාත්මක විය හැකි විය."

අශ්වබල 250 එන්ජින්වලින් හා මිලිමීටර් 14.5 හා 23 තුවක්කුවලින්ද, ස්වයංක්‍රීය බෝම්බ විදිනවලින්ද සන්නද්ධ මෙම මුර යාත්‍රා උපරිම වේගය සහ වෙඩි බලය සඳහා තනා තිබිණි. වීදුරු කෙඳිවලින් මෙම යාත්‍රාවක් නිෂ්පාදනය කිරීමට දින 45ක් ගත විය.

විශේෂ යාත්‍රා බලගණය හා ක්ෂණික විහිදුම් විශේෂ යාත්‍රා බලගණය නම් වූ විශේෂ පුහුණු භට පිරිස් විසින් මේවා මෙහෙයවන ලදී.

"අපි මෙම බලගණයන් උපායික වශයෙන් වැදගත් ස්ථානවල ස්ථාපිත කළ අතර, ඒ සෑම තැනකම එවැනි ඒකක 25ක් 30ක් ඇත. කෙටි කාලයකදී අපට එම බලගණයක් එක් තැනක සිට තවත් තැනකට ගෙන යා හැකි අතර, සමහර සටන්වලදී අපි ඒකක 60ක් පමණ ඒකරාශී කළෙමු," යි අද්මිරාල් වසන්ත කරන්නාගොඩ පවසයි.

කොටින්ගේ සැපයුම් ස්ථාවර කිරීම සඳහා ඉවහල් වූ අවි ගබඩා නෞකා හඳුනා ගැනීම පිණිස බුද්ධි තොරතුරු ජාලය ශක්තිමත් කළ ආකාරය විස්තර කරන හේ මෙසේ පවසයි. "එම පාවෙන අවි ගබඩා පිළිබඳ තොරතුරු ලබා ගත් අපි 2006දී සහ 2007දී ඒවා අටක් විනාශ කළෙමු."

පළමු අවි නැව 2006 සැප්තැම්බර් 17 දින නාවික සැතපුම් 120ක් ශ්‍රී ලංකාවට නැගෙනහිරින් මුහුදේදී විනාශ කරන ලද අතර මෙම ‍නැව් හඹා යාම පිණිස හොඳ සමුද්‍ර යාත්‍රික ශක්තියක් අවශ්‍ය විය. 2007 සැප්තැම්බර්, ඔක්තෝබර් සමයේදී විනාශ කරන ලද මෙබඳු අවසාන නැව් කට්ටලය අල්ලා ගනු ලැබ්වේ ලංකාවට නාවික සැතපුම් 1700ක් ගිනිකොණදිගින් ඕස්ට්‍රේලියානු බාහිර ආර්ථික කලාපයේදී බව ජේන්ස් සඟරාව පවසයි.


Bookmark and Share

Share on Facebook
Recommend this page to someone
Comment
English home
Sinhala home

© POWERED BY W3LANKA