W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජනපද ජනාධිපති ඔබාමාගේ ලංකාව පිළිබඳ පුකාශය

(W3lanka, මැයි 14) සිදු වෙමින් පවතින සියලු මහා සිදුවීම් අතරතුර, එතරම් අවධානය යොමු නොවුණු, එහෙත් කෙටියෙන් හෝ කතා කළ යුතු කරුණක් පිළිබඳ මම මුලින්ම කතා කරමි.

ඔබෙන් ඇතැමෙක් දන්නා පරිදි ලංකාවේ මානුෂීය අර්බුදයක් පැන නැඟ තිබේ. මෑත දිනවල බලාපොරොත්තු සුන් කරනසුළු පුවත්වලින් මම වැඩියෙන් කණගාටුවට පත් වී සිටිමි. යුද වැදී සිටින රජයේ හමුදා සහ දෙමළ ‍කොටින් අතර පිට වී යාමට මගක් නැතිව සිර වී සිටින දස දහස් සංඛ්‍යාත සිවිල් ජනයාට ආහාර, ජලය, නිවාස සහ බෙහෙත් හිඟය. මේ හේතුවෙන් විඳවීම වැඩි වී තිබෙන අතර දහස් ගණනින් නොවේ නම් සිය ගණනින් ජීවිත නැති වෙමින් තිබේ.

ඉක්මණින් ක්‍රියාත්මක නොවුණහොත් මෙම මානුෂීය අර්බුදය ව්‍යසනයක් බවට පත් විය හැකිය. ඇතැම් දේශපාලන කාරණා ඉවත දමා වෙඩි තබාගැනීම්වලට මැදි වී සිටින අහිංසක ගැහැනුන්, මිනිසුන් සහ ළමයින්ගේ ජීවිත මුල් තැනෙහි ලා සැලකීමට මෙය කාලයයි. එබැවින් දෙමළ කොටින් අවි බිම තබා සිවිල් වැසියන්ට යාමට ඉඩ දිය යුතු බව මම කියමි. ඔවුන්ගේ සිවිල් වැසියන් බලෙන් බඳවාගැනීම සහ ඔවුන් මිනිස් පළිහ ලෙස භාවිතා කිරීම පිළිකුල්කටයුතුය. මෙම කටයුතුවලින් සිදු වන්නේ ඒවා කරන අය කොණ් වීමයි.

මානුෂීය අර්බුදය මගහැරීම සඳහා ක්‍රියාමාර්ග කීපයක් ගන්නැයි මම ශ්‍රී ලංකා රජයටද කියමි. මුලින්ම රජය සිය ගණන් ජීවිත නැති කරමින් රෝහල්වලටද ඇතුළුව කරන ලද ඉවක් බවක් නැති ෂෙල් ප්‍රහාර නතර කළ යුතුය. අර්බුද කලාපයේ බර අවි පාවිච්චි නොකරන බවට දුන් පොරොන්දුවට ඔවුන් ගරු කල යුතුය.

දෙවනුව, 190,000ක් පමණ වන අවතැන් වූවන් වෙත ඔවුනට අවශ්‍ය අමතර සහාය ලබා දීම පිණිස එක්සත් ජාතීන්ගේ මානුෂීය කණ්ඩායම්වලට සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට ඉඩ දිය යුතුය.

මෙම විඳවීමේ සමයේදී ශ්‍රී ලාංකික ජනතාවට ජාත්‍යන්තර ප්‍රජාව සමග එක්ව උදව් කිරීමට එක්සත් ජනපදය සූදානම්ය. ප්‍රමාද විය හැකි යයි මම නොසිතමි. තවදුරටත් විඳවීම වැළැක්වීම පිණිස වැඩ කිරීම පිණිස අප සියලු දෙනාට දැන් කාලයයි.

තවදුරටත් කිවහොත්, ශ්‍රී ලංකාව ආරක්ෂිත හා කල් පවත්නා විසඳුමක් ශ්‍රී ලංකාවට අවශ්‍යය. එය සියලු පුරවැසියන්ට ගරුත්වය තහවුරු කරන්නක් විය යුතුය. තවත් සිවිල් වැසියන් හානියට පත් වීම හා නැවත පදිංචි කරන ලද කඳවුරු තුළ ප්‍රමාණවත් නොවන සැලකීම විසින් සිදු වනු ඇත්තේ සාමය ළඟා කරගැනීම තවත් දුෂ්කර වීමයි. (මූලාශ්‍රය: කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය)


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
මේ පිටුව ගැන කාට හරි කියන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA