W3lanka.com

NEWS IN
ENGLISH

එක්සත් ජාතීන්ගේ ලේකම්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලංකාවේ
රුහිර පතනය වැළැක්වීමේ ප්‍රයත්නයක

(W3Lanka, මැයි 15)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී-මූන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී විජේ නම්බියාර් ලංකාවේ සිදු වන මහා රුහිරු පතනය වැළැක්වීමේ හා තියුණු වෙමින් ඇති මානුෂීය අර්බුදය විසඳීම සඳහා උදව් කිරීම පිණිස ලංකාව බලා එමින් තිබේ.

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ප්‍රකාශිකා මාරි ඔකබේ කියන පරිදි අඟහරුවාදා ජනාධිපති මහින්ද රාජපක්ෂට කතා කළ බෑන් කී-මූන් කුඩා බිම්කඩක කොටු වී සි‍ටින 50,000ක් වන සිවිල් වැසියන් පිළිබඳ ඔහුගේ සැලකිල්ල නැවත අවධාරණය කර තිබේ.

මෑතදී, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෝ වසර ගණනාවක් තිස්සේ සිදු වෙමින් තිබෙන කොටි සංවිධානයේ ත්‍රස්ත ක්‍රියා සහ සිවිල් වැසියන් මානව පළිහ ලෙස පාවිච්චි කිරීම දැඩි ලෙස හෙළා දැක ත්‍රස්තව‍ාදයට එරෙහිව සටන් කිරීමේ රජයේ නීත්‍යානුකූල හිමිකම පිළිගත්තේය.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA