|
||||||||||||||
|
එක්සත් ජනපදය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වළක්වයි බටහිර බලවතුන් ඉදිරියේ රජයේ දරාගැනීමේ හැකියාව පරීක්ෂාවට (W3Lanka, මැයි 15) එක්සත් ජනපදය ලංකාව විසින් ජා.මු.අ. වෙතින් ඉල්ලා තිබෙන ණය මුදල වළක්වා තිබෙන බව තහවුරු කළාය. "අප සිතන පරිදි අර්බුදය විසඳෙනතුරු එම ණය සලකා බැලීම සඳහා කාලය නොවේ,"යි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් පැවසුවාය. බටහිර මතයට හිස නොනමන ලංකාවේ රජය අල්ලා බැඳගැනීම සඳහා ජා.මු.අ. ණය වැනි ආර්ථික සාධක පාවිච්චි කිරීමට බටහිර බලවතුන් සැරසෙන බව මෙම ප්‍රකාශය මගින් ඔප්පු වී තිබේ. බටහිර බලවත්තු ක්‍රම විරෝධී කොටි සංවිධානයට එරෙහිව රජය ගෙන යන යුද්ධයට අනුග්‍රහ දක්වන මුත් තිරසාර සාමයක් තහවුරු කළ හැකි සාකච්ඡාමය විසඳුමක් අනුගමනය කරන ලෙස රජයට බල කරයි. එහෙත්, තද සිංහල ජාතිවාදීන්ගේ අනුග්‍රහය ලබන රජය දශක ගණනාවක් තිස්සේ ඇදී යමින් තිබෙන වාර්ගික අර්බුදයට විසඳුම් ලබා දීමේ උනන්දුවක් පෙන්වා නැත. මෑත සංවර්ධනයන් විසින් පෙන්නුම් කරනු ලබන්නේ රජය සුළුතර අයිතිවාසිකම් සඳහා වූ අරගළ මුලිනුපුටා දැමීම සඳහා සැලසුම් සකස් කර තිබෙන බවයි. ජා.මු.අ. ණය ගෙවුම් ශේෂ අර්බුදය පියමං කිරීම හැර වෙනත් කටයුතු සඳහා යෙදීම පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් පාලනයක් තිබේද යන්න තහවුරු කරගැනීම සඳහා අමුදලේ දූත පිරිසක් මෑතදී ලංකාවට පැමිණියහ. එක්සත් ජනපදය ජා.මු.අ. ප්‍රධානම කොටස්කරුවා වන අතර ඇගේ අනුමැතිය ණය සඳහා අත්‍යවශ්‍යය. අනෙකුත් ප්‍රධාන කොටස්කරුවන් වන බ්‍රිතාන්‍යය, ජර්මනිය, ප්‍රංශය හා ජපානය වැනි රටවල්ද ලංකාවට කියන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුමක් අනුගමනය කරන ලෙසයි. ශ්‍රී ලංකාවේ අපනයන සඳහා සපයා තිබෙන ජී.එස්.පී. ප්ලස් බදු සහනද යුරෝපා සංගමය විසින් මේ ආකාරයෙන්ම තමන්ට අවනත නැති මෙම රාජ්‍යය යටත් කරගැනීම සඳහා පාවිච්චි කිරීමට ඉඩ ඇති බව පෙනේ. උග්‍ර වන විදේශ සංචිත අර්බුදය හමුවේ ලංකාවේ ආර්ථිකය කඩාවැටෙන්නට ආසන්න තත්වයක පවතී. වාර්තා අනුව ලංකාවෙ මෙම අර්බුදය පියමං කිරිම සඳහා ජා.මු.අ. වෙතින් අයදුම් කර තිබෙන ණය මුදලෙහි වටිනාකම ඩොලර් බිලියන 1.9 සිට 2.4 අතර වේ. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||