W3lanka.com

NEWS IN
ENGLISH

ලංකාවට රුසියානු හෙලිකොප්ටර්
ආරක්ෂක සබඳතා තර වේ

(W3Lanka, මැයි 17, 2009)
නම් නොකළ රුසියානු යුද ප්‍රවාහන හෙලිකොප්ටර් සංඛ්‍යාවක් මිළ දී ගැනීම සඳහා එරට විසින් ලංකාවට ණය පහසුකම් සැපයීමට එකඟ වී ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ රුසියානු පුවත් සේවයකට පවසා තිබේ.

ලංකාව දැනටමත් රුසියාවේ සාදන ලද Mi-17 සහ Mi-24 හෙලිකොප්ටර් භාවිතා කරන අතර හමුදා නිලධාරීන් ප්‍රවාහනය සඳහා ඒවා තවත් ඕනෑ වී තිබෙන බව හේ පැවසීය. ලංකාව රුසියාව සමග ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීමට අදහස් කරන බවද ඔහු කීවේය. මේ මාසයේ මුලදී ප්‍රකාශයක් කළ රුසියානු විදේශ ඇමති සර්ජි ලැව්රොව් ලංකාවට ත්‍රස්තවාදයට එරෙහිව සටන සඳහා සහාය පළ කළේය. එසේම දෙමළ සිවිල් වැසියන් බේරාගැනීමේ කොළඹ වෑයම ඔහු අගය කළේය. මාසය මුලදී රුසියාව සහ චීනය ආරක්ෂක මණ්ඩලය ලංකාව පිළිබඳ නිල සැසියක් පැවැත්වීම වැළැක්වීය.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA