W3lanka.com

NEWS IN
ENGLISH

ජ්‍යේෂ්ඨ කොටි නායකයන්ගේ සලකුණක් නැහැ
නඩේසන්, පුලිදේවන්, ස්වර්ණම්, රමේෂ් මරා දැමේ

(W3Lanka, මැයි 18, 2009)
කොටි සංවිධානය වෙනම රාජ්‍යයක් සඳහා වූ දශක තුනක යුද්ධයේ තිත්ත අවසානයක් සටහන් කරමින් තුවක්කු නිහඬ කරන බව නිවේදනය කරද්දී ආරක්ෂක හමුදා මරා දමන ලද හෝ සිය දිවි නසා ගන්නා ලද කොටි නායකයන්ගේ මළසිරුරු සොයමින් මෙහෙයුම්වල යෙදී සිටිති.

ඊයේ පාන්දර නන්දිකඩාල් කලපුව අද්දර 53 සේනාංකයේ පාලන ප්‍රදේශයේ සිදු වූ දරුණු ගැටුම මධ්‍යයේ ඔවුන් මුලතිව් - වැලිඔය වනානතරයට පළා ගියාද යන සැකය මතු වී ඇති අතර මෙම සටනේදී කොටි සටන්කරුවන් 70ක් මිය ගිය බව හමුදාව නිවේදනය කළේය. හමුදාවට සිදු වූ හානි පිළිබඳ තොරතුරු වාර්තා වී නැත.

මුහුදෙන් පළා යාමට ඇති ඉඩ පිළිබඳවද ඇතැම් අය සැක කරති. කොටි නායක සුසෛගේ පවුලේ අය පළා යමින් සිටියදී හසු වූයේද ගැඹුරු මුහුදේදී බව වාර්තා වේ.

තොරතුරක් නැති කොටි නායකයන් අතර ප්‍රභාකරන්, පොට්ටු අම්මාන්, කපිල් අම්මාන්, සුසෛ, භානු, ලක්ෂ්මන්, ලෝරන්ස්, ජෙයම්, වේලවන් සහ රත්නම් මාස්ටර් ආදීහුද ඇති බව කියැවේ.

මේ අතර කොටි සාමාජිකයන් 2000කට වඩා භාර වී තිබෙන අතර ඒ අතර මුහුදු කොටි නායකයකු වූ චේලියන් වැනි නායකයන්ද සිටින බව වාර්තා වේ.

එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශ නායක බී. නඩේසන්, සාම ලේකම් කාර්යාල ප්‍රධානී එස්ග පුලිදේවන් සහ රමේෂ් යුද හමුදා විශේෂ බලකාය විසින් ඊයේ මරා දමන ලද බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේය. නිල නොවන වාර්තා අනුව, ප්‍රභාකරන් හා ඔහුගේ පුත් චාල්ස් ඇනිතනිගේ ඇතුළු තවත් කොටි නායකයන්ගේ යයි විශ්වාස කරන මළසිරුරු ගණනාවක් කොළඹට රැගෙන විත් හඳුනාගැනීමේ නව තාක්ෂණය පාවිච්චි කෙරෙම්න් ඇති බව වාර්තා වේ.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA