|
||||||||||||||
|
නායකයන්ගේ මරණ කොටින් තවමත් තහවුරු කර නැහැ සාමකාමී මගක යන ලෙස එල්.ටී.ටී.ඊ. නායකයා අණ කරයි (W3Lanka, මැයි 18, 2009) දශක හතරක් නිදහස් දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා සටන් කළ දෙමළ ඊලාම් විමුක්තිි කොටි සංවිධානය සම්පූර්ණයෙන්ම පාහේ පරාජය පිළිගෙන ඇති අතර නායකයන්ගේ මරණ තවමත් තහවුරු කර නැත. නාට්‍යමය ස්වරූපී ලෙස වෙඩි නොවදින වෑන් රියකින් පළා යන්නට කොටි නායක ප්‍රභාකරන්, බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් සහ මුහුදු කොටි නායක සුසෛ උත්සාහ කරද්දී එල්ල කළ ප්‍රහාරවලින් ඔවුන් මරා දැමුණු බව ආරක්ෂක අංශ විසින් නිවේදනය කරන ලදී. සිරුරු ඩී. එන්. ඒ. පරීක්ෂාවට ලක් කිරීමට නියමිත මුත්, ඒවා ඉවතට ගත් හමුදා සෙබළුන් කොටි නායකයා හඳුනාගත් බව කියැවේ. කොටි හිතවාදී ටැමිල්නෙට් වෙබ් අඩවිය වාර්තා කළ පරිදි අද පාන්දර තුනට පමණ කොටි දේශපාලන අංශ ප්‍රධානී බී. නඩේසන් සහ සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානී එස්. පුලිදේවන් යුරෝපයේ ඔවුන්ගේ සම්බන්ධතාවලට කතා කර ආරක්ෂක කලාපයේ දැන් ඉතිරි වී සිටින්නේ තුවාල ලද එල්.ටී.ටී.ඊ. ක්‍රියාධරයන්, සිවිල් කාර්ය මණ්ඩලය හා සිවිල් වැසියන් වන 1000ක පමණ පිරිසක් පමණක් බව, ඔවුන්ගේ පැත්තෙන් වෙඩි තැබීම් සිදු නොවන බව හා තුවාල ලද පිරිස් ඉවත් කර ගන්නා ලෙස රතුතුරුස මූලස්ථානයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියේය. එහෙත් රජය හා හමුදා මුල සිටම සිටියේ කොටි සංවිධානය මුලිනුපුටා දැමීමේ අධිෂ්ඨානයක වන අතර, නඩේසන්ගේ හා පුලිදේවන්ගේ මළසිරුරු අද උදේ සොයා ගන්නා ලද බව නිවේදනය කරන ලදී. දෙමළ ඊලාම් විමුක්ති කොටි පරාජය පිළිගැනීමට, තුවක්කු නිහඬ කිරීමට හා අවි බිම තැබීමට ප්‍රමාද ර්‍වවා වැඩිය. කොටි සංවිධානයේ පූර්ණ බලතල සහිත තානාපති සෙල්වරාසා පත්මනාදන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියට හෙළිදරව් නොකරන ලද තැනක සිට කතා කරමින් පැවසුවේ දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සඳහා සාමකාමී මාර්ගයක් අනුගමනය කරන ලෙස සිය නායක ප්‍රභාකරන් අණ කළ බවයි. සෙල්වරාසා තම නායකයා සමග පැය හතරක පමණ කාලයක් කතා කල බවද, ඉහත කී පණිවුඩය ඔහු ශ්‍රී ලංකා රජයට සහ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට දැනුම් දුන් බවද, පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටින බවද එහෙත් තවම පිළිතුරක් හෝ යුද්ධය නැවැත්වීමට කෙනෙකු නොමැති බවද හේ පැවසීය. කොටි සංවිධානය අවි බිම තැබීමට කැමති මුත් යටත් නොවන බව සෙල්වරාසා පත්මනාදන් පැවසීය. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||