|
||||||||||||||||
|
ගැටුමේ අවසානයට මෙහොතකට පසු (W3Lanka, මැයි 19, 2009) පාර්ලිමේන්තුව හරහා ජාත්‍යන්තර ප්‍රජාව හා බුද්ධිමත් ජනයා අමතා කරන ලද විචක්ෂණ දෙසුමකින් ජනාධිපති මහින්ද රාජපක්ෂ දශක හතරක් පුරා ඇදුණු යුද්ධයේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් කළේය. වන්නියේ සමස්ත කොටි නායකත්වයම මුලිනුපුටා දැමෙද්දී නැගෙනහිර පළාතේ වනගත කොටි ගරිල්ලන් දෙදෙනෙකුද පොතුවිල් පොලිස් වසමේදි පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සඳුදා මරා දමන ලදී. කොටි සංවිධානය මෙම සටහන තබන මොහොත වන විටත් සිය නායකයාගේ මරණය පිළිගෙන නැත. ඇතැම් වාර්තා කියන පරිදි එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් හා ඔහුගේ පුත් චාල්ස් ඇන්තනි පමණක් නොව අයර්ලන්තයේ ඉගෙනුම ලබන දියණිය ද්වාරකා හැර මුළු පවුලම මරණයට ගොදුරු වී තිබේ. සංවිධානය තවමත් කම්පනයෙන් මිදුණු බවක් දක්නට නැති අතර, කොටින්ගේ ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියට ඉරිදි කී පරිදි දෙමළ අයිතිවාසිකම් වෙනුවෙන් සාමකාමී මඟක් අනුගමනය කරන ලෙස ප්‍රභාකරන් අණ කර තිබේ. සඳුදා නිවේදනයක් නිකුත් කළ ඉන්දියාවේ බාහිර කටයුතු අමාත්‍යංශය දිවයිනේ දෙමළ ජනයාට ගෞරවනීය ලෙස ජීවත් විය හැකි පරිදි ඵලදායී බලය විමධ්‍යගත කිරීමක් සඳහා දේශපාලන ක්‍රියාමාර්ග ගන්නැයි ලංකාවෙන් ඉල්ලා සිටියේය. සඳුදා යුරෝපා සංගමය කියා සිටියේ ලංකාවේ සිදු වී තිබෙන මානුෂීය නීති හා මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ පරීක්ෂා කළ යුතු බවයි. එහෙත් එය කළ යුත්තේ කවුරුන් විසින්දැයි ඔවුන් සඳහන් කළේ නැත. අඟහරුවාදා එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර සබඳතා ප්‍රධානී සෙල්වරාසා පත්මනාදන් මෙසේ කීවේය. "ජාත්‍යන්තර ප්‍රජාවේ ඇතැම් රටවල් විසින් අපට දැනුම් දුන්නේ යුද්ධය විධිමත් ලෙස අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව සමග සාකච්ඡා කිරීම සඳහා පිළිවෙලක් සකසා ඇති බවයි. අපට 58 සේනාංකය වෙත අවි රහිතව සුදු කොඩි රැගෙන එන ලෙස උපදෙස් දෙන ලදී. ඒ අනුව දේශපාලන අංශයේ බී. නඩේසන් හා එස්. පුලිදේවන් සුදු කොඩි රැගෙන, අවි රහිතව ගියහ. ඔවුන් දෙදෙනාම වෙඩි තබා මරා දමන ලදී." මේ අතර එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ඉයන් කෙලී පැවසුවේ අර්බුදයේ අවසානය ශ්‍රී ලංකාවට අතීත පිටුව පෙරළා ප්‍රජාතන්තවාදය, ඉවසීම, ගෞරවය හා මානව හිමිකම්වලට ගරු කිරීම මත පදනම් වූ රටක් සෑදීමට අවස්ථාවකි. "සියලු ශ්‍රී ලාංකිකයන්ගේ හිමිකම් ආරක්ෂා වන හා ප්‍රවර්දනය වන දේශපාලන සැකැස්මක් නිර්මානය කිරීම සඳහා දෙමළ, සිංහල සහ වෙනත් ශ්‍රී ලාංකිකයන් සහභාගි කරගැනීමට දැන් කාලය බව" හේ කීය. මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මැයි 22දා ලංකාවට පැමිණීමට නියමිතය. අර්බුදයෙන් පසු තවමත් හෙළිදරව් වී නැති කාරණයක් වන්නේ මෙහෙයුම්වලදී සිවිල් වැසියන් මිය ගිය සංඛ්‍යාවයි. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන අනුව, 7000ක් මිය ගොස් 16,700ක තුවාල ලබා තිබේ. එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂම සඳුදා කී පරිදි පසුගිය සත් මස තුළ ගැටුම් කලාපයෙන් පළා ආ සංඛ්‍යාව 265,000කි. ආසියවේ වැඩියෙන්ම දිග්ගැසුණු වාර්ගික ප්‍රශ්නයක් වන මෙයින් මිය ගිය ගණන 100,000ක් පමණ වේ යයි අනුමාන කෙරේ. ගිය සතියේ ආරක්ෂක ලේකම් තොඨාභය රාජපක්ෂ පසුගිය තිස් වසර තුළ යුද්ධය වෙනුවෙන් දිවි දුන් 21,500ක් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට ආචාරය පුද කළේය. කොටි සංවිධානය දේශපාලන නායකයන් 95ක් සහ යුද නිලධාරීන් 95ක් ඝාතනය කළ බවට රජය එල්.ටී.ටී.ඊ. සංවිධානයට චෝදනා කරයි. මේ අතර යුද්ධයේ අවසානය ප්‍රකාශයට පත් කළ වහාම පසුගිය සඳුදා රු. බිලියන 12ක පිරිවැටුමක් සහිතව එක් දිනක් තුළදී 6%ක වර්ධනයක් පෙන්නුම් කළේය. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||