|
||||||||||||||||
|
රණවිරු උපහාර රැළිය අද (W3Lanka, මැයි 22, 2009) ත‍්‍රස්තවාදය පරාජය කැර ලැබූ විජයග‍්‍රහණය අභිමානයෙන් සමරන අතරතුර ජයග‍්‍රහණයේ පී‍්‍රතිය කිසිවකුගේ සිත් රිදවීමට හේතු නොවන ලෙස සැමරීම මවුබිමට පුදන ශ්‍රේෂ්ඨ උපහාරය යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි. ජනාධිපති මාධ්‍ය අංශ විසින් මෙම නිවේදනය නිකුත් කරනු ලබන්නේ රණවිරුවන්ට සහ රණවිරු පවුල්වලට උපහාර පිරිනැමීම සඳහා දැවැන්ත රැළියක් අද සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබියදීය. බොරැල්ලෙන් ඇරඹෙන පෙලපාලියට හා රැළියට දෙලක්ෂයක් ජනයා සහභාගි කිරීමට රජය අදහස් කරයි. ත්‍රස්තවාදයේ මූල බීජ ලංකා පොළවෙහි වනසා දමා ඇති බව කැබිනට් ප්‍රකාශක අනුර ප්‍රියදර්ශන යාපා ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කළේය. කොටි ස'විධානයේ අවසාන මොහෙතේදී එක්රැස් කරගන්නා ලද නවතම තොරතුරු මත පදනම්ව කොළඹ හා දිවයිනේ සෙසු ප්‍රදේශවල ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම්ද, නැගෙනහිර පළාතේ කැළෑවල ගරිල්ලා කණ්ඩායම්ද, එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක සෙල්වරාසා පත්මනාදන් ලෙස පෙනී සිටින්නේ යයි විශ්වාස කරන කොටි ජාත්‍යන්තර නායක කේ.පී.ගේ සිට විදෙස් රටවල සියලු කොටි ක්‍රියාකාරිකයන්ද කොටු කරගැනීමට රජය මේ වන විට මෙහෙයුම් දියත් කරමින් සිටින බව වාර්තා වේ. නැගෙනහිර පළාතේ තිකුණාමලයේ කඩවාන ප්‍රදේශයේදී රහසිගතව ක්‍රියාත්මක වූ කොටි කණ්ඩායමකට ප්‍රහාර එල්ල කරමින් සටන්කරුවන් අටදෙනෙකු රජයේ හමුදා විසින් පසුගිය 20දා මරා දමන ලදී. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||