|
||||||||||||||||
|
රණ විරුවන්ට සහායට ලක්ෂ ගණන් රැස් වෙති (W3Lanka, මැයි 23, 2009) දෙමළ ඊලාම් අරගළයට එරෙහි සටනට එක් වූ ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වලට උපහාර පිදීමේ රැළියක් පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පැවැත්වෙද්දී එයට සහභාගි වෙමින් ලක්ෂ ගණන් ජනයා ඊයේ අගනුවර වීදිවල පෙළපාලි දැක්වූහ. රැස්වීම අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය රජයට එරෙහිව යුද අපරාධ චෝචනා ගෙන ඒමට බටහිර රටවල නායකත්වයෙන් දරණ තැත හෙළා දුටුවේය. එක්සත් ජාතීන්ගේ නොනිල ගණන් බැලීම් අනුව පසුගිය මාස කීපය තුළදී අර්බුදය හේතුවෙන් සිවිල් වැසියන් 10,000ක් පමණ මිය ගිය අතර, 20,000ක් පමණ තුවාල ලබා, ලක්ෂ තුනකට ආසන්න පිරිසක් අභ්‍යන්තරිකව අවතැන් වූහ. තමන් රට සංවර්ධනය කරන බව ජනාධිපතිවරයා ශපථ කළ අතර, අතීතයේ තමන් විවේචනයට ලක් කළ පුද්ගලයන් සමච්චලයට ලක් කළේය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර කොටි සංවිධානයට එරෙහි යුද්ධයට දායක වූ සියලු නායකයන්ට හා හමුදාවට ප්‍රණාමය පළ කරන පුවරුවක් එසවීමට තැත් කරද්දී රජයේ උදව්කරුවන්ගේ පහරකෑමට ලක්ව රෝහල්ගත කරන ලදී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් දැන් ලංකාවට පැමිණ සිටින අතර ඔහු ආධාර සංවිධානවලට අවතැන් වූවන් වෙත පූර්ණ ප්‍රවේශය ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටිතැයි අපේක්ෂා කෙරේ. මේ අතර, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිවේදනය කළ පරිදි 2006 මාවිල්ආරු මෙහෙයුමෙන් ආරම්භ කරන ලද සිව්වන ඊලාම් යුද්ධයේදී කොටි සටන්කරුවන් 22,000ක් මරා දමා තිබේ. ඔහුට අනුව 1981 සිට මේ දක්වා යුද්ධයෙන් රජයේ ආරක්ෂක අංශවල 23,970ක් මිය ගොස් තිබේ. 2006දී ඇරඹි අවසාන අදියරේදී 6261දෙනෙක් මිය ගිය අතර, 29,551ක් තුවාල ලබා තිබේ. ගුවාල ලැබූවන්ගෙන් 2556ක් ආබාධිත තත්වයට පත්ව සිටිති. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||