W3lanka.com

NEWS IN
ENGLISH

Tiger leader
Tiger leader

මුල් පිංතූරය සකසා ඇත්තේ දෙවැන්න සියුම් ලෙස සංස්කරණය කිරීමෙනි.
මුල් පිංතූරය ලොකුවට
දෙවන පිංතූරය ලොකුවට

කොටි නායකයාගේ මරණය පිළිගැනීමට අදිමදි කරති
ඉතිරි එල්.ටී.ටී.ඊ. ක්‍රියාධරයන් අනතුරේ

(W3Lanka, මැයි 23, 2009)
දශක තුනකට වඩා දෙමළ ඊලාම් දේශයක් වෙනුවෙන් සටන් කළ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සිය නායකත්වය රජයේ හමුදා විසින් සහමුලින්ම විනාශ කර දමා ඇති බව පිළිගැනීමට අදිමදි කරන බවක් පෙනේ.

ඇතැම් කොටි හිතවාදී වෙබ් අඩවි සියුම් ලෙස සංස්කරණය කරන ලද ඡායාරූප මගින් කොටි නායක වේලුපිල්ලෛ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව පෙන්වීමට අසාර්ථක උත්සාහයක් දරන අතර ‍එල්.ටී.ටී.ඊ. හිතවාදී ටැමිල්නෙටි වෙබ් අඩවිය මේ දක්වා අප්‍රකට වූ කොටි සංවිධානයේ බුද්දි අංශයේ ජාත්‍යන්තර ලේකම් කාර්යාලයේ ප්‍රධානියා යැයි කියන අරිවාලකන් නමැත්තකුගේ ප්‍රකාශයක් පළ කළේය. "අපේ ආදරණීය නායකයා" ජීවතුන් අතර සිටින බව සහ අනාගතයේ සුදුසු වේලාවකදී සිය ජනයා සමඟ සම්බන්ධ වන බවද හේ කීය.

එහෙත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නේ රජය මුල් පෙළේ පමණක් නොව දෙවන පෙළේ කොටි නායකත්වය මුලිනුපුටා ඇතිවා පමණක් නොව අවසාන අදියරේදී එක්රැස් කරගන්නා ලද තොරතුරු මත පදනම්ව දේශීයව හා විදේශීයව ඉතිරි වී සිටින සෙසු නායකන්ටද දැල එළා තිබේ.

මේ අතර, නැගෙනහිර පළාතේ කැළෑවල සැඟවී සිටින කොටි ගරිල්ලා කණ්ඩායමක සාමාජිකයෝ දෙදෙනෙක් ඊයේ රතු කුරුස සංවිධානය මාර්ගයෙන් අම්පාරේ කන්ජිකුඩිච්චිආරු පොලිසිය‍ට භාර වූහ. ඒ සමගම ඉතිරි වී සිටින කොටි ගරිල්ලා පිරිසගේ පැවැත්මද අනතුරුදායක වී තිබෙන බව වාර්තා වේ.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA