W3lanka.com

NEWS IN
ENGLISH

උතුරේ ඉඩම් රජයට
මුදා ගන්නා ලද ජනයාට පර්චස් 20 බැගින්

(W3Lanka, මැයි 25, 2009)
මෑතදී රජයේ පාලනයට යටත් කර ගන්නා ලද වන්නි ප්‍රදේශවල ඉඩම් අයිතිය තහවුරු කිරීමට කිසිදු නීතිමය ලියවිල්ලක් නැති ජනයාට පර්චස් 20 බැගින් ඉඩම් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා මැයි 22දා 'දිවයින' පුවත්පතට පවසා තිබේ.

අවතැන් ජනයාගෙන් 90%කටම ඉඩම් අයිතිය තහවුරු කිරීමට නීතිමය ලියකියවිලි නැති බව අමාත්‍යාංශයම කියන අතර, ඇතැමෙකුට අනන්‍යතාව ඔප්පු කිරීමට අවශ්‍ය හැඳුන්ම්පත් හා උප්පැන්න සහතික වැනි නීතිමය ලේඛන පවා අහිමි වී ඇත.

මෙම ක්‍රියාමාර්ගයත් සමඟ වන්නි ප්‍රදේශවල ඉඩම්වලින් විශාල පංගුවක් රජයට හිමි වන බවද, දීර්ඝ කාලයක් ඒ ඉඩම් භුක්ති විඳි ජනයාට ඒවා අහිමි වීමට ඉඩ ඇති බවද පෙනී යයි. වන්නියේ ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් පසුගිය කාලයේ කොටි සංවිධානයේ ඍජු පාලනයට යටත්වද පැවතිණි. පසුගිය දශක ගණනාවක් තිස්සේ මෙම ප්‍රදේශවල ඉඩම් ආරවුල් නිරාකරණය කිරීමේ සහ ඉඩම් බෙදා දීමේ විධිමත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වූයේ නැත.

වන්නි ප්‍රදේශයේ රජයේ සංවර්ධන සැලැස්ම තවමත් ප්‍රසිද්ධ වී නැති අතර, කොටින්ගේ ගුවන් පථ පිහිටි ඉරණමඩු හා මුලතිව් යන ස්ථානවල තුවන් හමුදා කඳවුරු පිහිටුවන බව ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබේ.


Bookmark and Share

Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
පුවත් පිටුවට
නිවහන් පිටුවට

© POWERED BY W3LANKA