|
||||||||||||||||
|
අභ්‍යන්තර කටයුතුවලට අත නොපොවන්නැයි ඉල්ලන ලංකාවේ යෝජනාවට රටවල් 11ක සහාය (W3Lanka, මැයි 26, 2009) රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අත නොපොවන්නැයි ඉල්ලමින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවට යෝජනා කෙටුම්පතක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා කෙටුම්පත වනාහි ලංකාවේ යුද වැදී සිටි දෙපාර්ශ්වය විසින් කරන ලදැයි කියන යුද අපරාධ පිළිබඳ විමර්ශනය කළ යුතු යයි තවත් රටවල් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාවට ප්‍රති යෝජනාවකි. චීනය, ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, ඊජිප්තුව, කියුබාව, නිකරගුවාව සහ බොලීවියාව ශ්‍රී ලංකාවට සහාය පළ කර තිබේ. මැලේසියාව ලක්ෂ 14ක දෙමළ ජනගහණයක් ජීවත් වන රටකි. ඉන්දියාවේ කෝටි පහක් දෙමළ ජනයා ජීවත් වෙති. මෙම රටවල් මෙම යෝජනාවට සහාය නොදිය යුතු බව එම රටවල ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් ඉල්ලා ඇති මුත්, රජයන් විසින් ඒවා නොතකා හැර ඇත. මානව හිමිකම් සභාවේ සිටින යුරෝපා සංගමයේ සාමාජික රටවල් වන බ්‍රිතාන්‍යය, ෆ්‍රන්සය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්ලෝවේකියාව සහ ස්ලෝවේනියාව යන රටවලුත්, ආර්ජන්ටිනාව, බොස්නියාව, කැනඩා, චිලී, මෙක්සිකෝ, මුරුසිය, දකුණු කොරියාව, ස්විට්සර්ලන්තය, උක්රේනය හා උරුගුවේ යන රටවල් 17 එම අපරාධ පිළිබඳ පරීක්ෂා කළ යුතුය යනුවෙන් සඳහන් ලේඛනයට පක්ෂපාතිත්වය දක්වා තිබේ. මානව හිමිකම් සභාවේ රාජ්‍යයන් 47ක් සිටින අතර සෙසු රාජ්‍යවල සහාය ලබා ගැනීමට ප්‍රයත්නයක් තිබේ. සාකච්ඡා දිගට ගියද, මානව හිමිකම් සභාව ගාසාහිදී මෙන් තමන්ගේම පරීක්ෂණයක් තහවුරු කර නොගනු ඇතැයි විශ්වාස කෙරේ. ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජික රටක් නොවන ලංකාවට එරෙහිව පියවරක් ගත හැක්කේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සම්මත කරගන්නා යෝජනාවකින් පමණි. එහෙත් නිෂේධ බලය හිමි රුසියාව සහ චීනය ලංකාවට උදව් කරයි. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||||