|
||||||||||||||
|
පනස්දාහකට රැකියා අහිමි වේ; විසිදහසක් පඩි මදි නිසා රැකියා අත්හරිති ලෝක මුල්‍ය අර්බුදයේ ප්‍රතිඵල ඇඟලුම් ක්ෂේත්‍රයට තදින් දැනේ (W3Lanka, මැයි 26, 2009) ගෝලීය මුල්‍ය අර්බුදයේ ප්‍රතිඵලවලට මුහුණ දීම සඳහා වෙළඳ කලාප ආයතන මගින් ගනු ලැබූ සියළු උත්සාහයන් මේ මොහොත වනවිට ආසාර්ථක වී ඇති බව අන්තර් වෙළඳ කලාප සේවක එකතුවේ ප‍්‍රධාන ලේකම් ජානක අධිකාරී පවසයි. අර්බුදයට මුහුණ දීම සඳහා පුද්ගලික ආයතන විසින් සිදුකළේ සේවකයින් ඉවත් කර වියදම් කපාහැරීමයි. එහෙත් බටහිර රටවල සහ යුරෝපය තුල නිමි ඇදුම් වෙළඳ පොල බිඳවැටීමත් සමඟ වියදම් කපා හැරීමකින් පමණක් අර්බුදයට මුහුණදීමට නොහැකි වූ ආයතන වසා දැමීමට පවා සිදුව තිබෙන බවද මෙම ගැටළුව සම්බන්ධයෙන් දිගින් දිගටම වෙළඳ කලාප ආයෝජකයෝ ආයෝජන මණ්ඩලයට දැනුම් දීමට පටන්ගෙන තිබෙන බවද ජානක අධිකාරී පවසයි. පසුගිය අපේ‍්‍රල් මාසය තුල රටපුරා පුද්ගලික ආයතන වැසී ගොස් සේවකයින් 50,000කට පමණ රැකියා අහිමිවී ගොස් තිබෙන අතර ප‍්‍රධාන පෙලේ සන්නිවේදන ආයතනයක් වූ ඩයලොග් වැනි සමාගම් පවා සේවකයින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ. වෙළඳ කලාප සේවකයන් ලබන්නේ ඉතා අඩු වැටුප් නිසා පෞද්ගලික අංශයේ මෙම බිඳ වැටීම වෙළඳ කලාපයට තදින් බලපා ඇත. ආයතන වියදම් කපා හැරීමේ මූලික පියවරක් ලෙස දීමනා හා අතිකාල කපා දැමූ විට සේවකයින්ට ඉතිරි වන්නේ ඉතා සොච්චම් මුදලකි. මේ හේතුවෙන් ඔවුන්ගේ නවාතැන් පහසුකම් සහ කෑම වියදම් වුව පියවාගත නොහැකි තත්වයක් උදාවී ඇති බවද ජානක අධිකාරී පවසයි. මේ හේතුවෙන් ඉකුත් මාස පහ තුළ සේවකයින් 20,000ක් පමණ සේවා ස්ථාන හැර ගොස් ඇති බවද හේ පවසයි. අදහස් දක්වන්න පුවත් පිටුවට නිවහන් පිටුවට |
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||